කෝටි 10කට ආසන්න රත්‍රං සමඟ දෙදෙනෙකු අත්අඩංගුවට
Saturday, 15 February 2020 - 11:42 | Views - 508
රුපියල් කෝටි 10කට ආසන්න වටිනාකමකින් යුතු රත්‍රං තොගයක් නීතිවිරෝධීව ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයන් දෙදෙනෙකු යාපනය මාදගල් මුහුදු ප්‍රදේශයේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන තිබෙනවා.

නාවික හමුදාවට අයත් ඩිංගි යාත්‍රාවක් මගින් ඊයේ සැක සහිත ධීවර යාත්‍රාවක් නිරීක්ෂණය කර ඇති අතර, වැඩිදුර පරීක්ෂා කිරීමට සූදානම් වූ අවස්ථාවේ එම යාත්‍රාව අණ නොතකා යාත්‍රා කර ඇති බවයි නාවික හමුදාව ප්‍රකාශ කළේ.

ඒ අනුව අදාළ යාත්‍රාව හඹා ගොස් එහි සිටි සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව සිය භාරයට ගෙන ඇති අතර, සැකකරුවන් පළා යාමට උත්සාහ කරන අවස්ථාවේ රත්‍රං පාර්සලක් මුහුදට දැමූ බව ප්‍රකාශ කර තිබෙනවා.

පසුව නාවික හමුදා කිමිදුම් කණ්ඩායමක් යොදා අදාළ රත්‍රං පාර්සලය සොයා ගත් බවයි නාවික හමුදාව සඳහන් කළේ.

එම පාර්සලය තුළ රත්‍රං කිලෝ 14යි ග්‍රෑම් 35ක ප්‍රමාණයක් තිබී ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් එම ප්‍රදේශයේම පදිංචි 27 හැවිරිදි වියේ පසුවන්නන්.

ඔවුන් දෙදෙනා සහ අදාළ යාත්‍රාව කන්කසන්තුරය රේගු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර තිබෙනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top