කොරෝනා මරණ 1500 ඉක්මයි. - ලොව පුරා ආසාදිතයන් 66,962ක්
Saturday, 15 February 2020 - 7:35 | Views - 633
මාරාන්තික නව කොරෝනා හෙවත් කොවිඩ් - 19 වෛරසය ආසාදනය වී මියගිය සංඛ්‍යාව මේ වනවිට 1523 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

ඉන් මරණ 150 ක් ගත වූ පැය 24 තුළ සිදුව ඇති අතර, වෛරසය ආසාදනය වූ බවට හඳුනාගත පුද්ගලයින් සංඛ්‍යාව ද 66,962ක්.

ආසියානු කලාපය ඇතුළු ලොව ප්‍රභල රාජ්‍යයන් රැසකින් මාරාන්තික කොවිඩ් වෛරස ආසාදිතයින් වාර්තා වුව ද, මේ වසරේ ජපානයේ ටෝකියෝහි පැවැත්වීමට නියමිත ඔලිම්පික් ක්‍රීඩා උළෙල පවත්වන දිනයන්හි කිසිදු වෙනසක් සිදු නොකරන බව ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුව ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර, චීනයේ වුහාන් සිට පැමිණ දියතලාව යුද හමුදා මූලික රෝහලේ නිරෝධායන ක්‍රියාවලියකට භාජනය කෙරුණු ශ්‍රී ලාංකිකයින් 33 දෙනා ඊයේ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වෙත භාරදීමට යුද හමුදාව කටයුතු කළා.

දින 14 ක කාලයක් නිරෝධායන ක්‍රියාවලියට භාජනය කෙරුණු ඔවුන් ඊයේ එම මධ්‍යස්ථානයේ සිට අකුරේගොඩ පිහිටි යුද හමුදා මූලස්ථානය වෙත රැගෙන එනු ලැබුවා.

එහිදී ඔවුන් යුද හමුදාපති ලූතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා ද හමුවූ අතර, එම අවස්ථාවට වූහාන් හි සිරවී සිටි ශ්‍රී ලාංකිකයින් පිරිස දිවයිනට රැගෙන ඒමට දායකත්වය ලබාදුන් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ කාර්ය මණ්ඩලය ද එක්ව සිටීම විශේෂත්වයක්.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top