ගම්මිරිස් වගාවට තර්ජනයක්
Friday, 14 February 2020 - 21:33 | Views - 1,283
ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක් එල්ල කරන ඉක්මන් මැලවීමේ රෝගය හා කඳන් විදින කුරුමිණියාගේ හානිය යළි දිවයින පුරා ව්‍යාප්ත වෙමින් පවතින බව වාර්තා වනවා.
අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව සඳහන් කළේ මේ වනවිටත් බදුල්ල, රත්නපුර හා මහනුවර යන දිස්ත්‍රික්කවල ගම්මිරිස් වගා තුළ මෙම රෝග ව්‍යාප්ත වෙමින් පවතින බවයි.
මෙම රෝග හා පලිබෝධ හානි පාලනය නොකළහොත් එය ගම්මිරිස් වගාවට විශාල තර්ජනයක් විය හැකි බව ද එම දෙපාර්තමේන්තුව පෙන්වා දෙනවා.
ඒ සඳහා හානියට පත් වූ ගම්මිරිස් වැල්වල කොටස් කපා පුළුස්සා දැමිය යුතු අතර, ඒ සඳහා නිර්දේශිත කෘමි නාශකයක් ද යෙදිය යුතුයි.
Share This Article