අම්මත් දුවත් බේරගන්න ගිය රියැදුරු මී හරකාගෙන් ඇනුම්කා මියයයි
Friday, 14 February 2020 - 13:33 | Views - 1,770
වැල්ලව පොලිස් වසමේ කැකුලාවල ප්‍රදේශයේ තම  බුලත් කොරටුවක වැඩ කරමින් සිටියදී මී ගවයකු එළවා එළවා ඇනීමෙන් තුවාල ලැබූ කාන්තාවක සහ ඇයගේ දියණිය රෝහලට ගෙන යෑමට ඉදිරිපත් වූ ලොරි රථ රියැදුරකු වූ 44 හැවිරිදි දෙදරු පියකු එම මී ගවයා ඇනීමෙන් මියගොස් තිබේ.

මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ කැකුලාවල ප්‍රදේශයේ පදිංචිව සිටි දෙදරු පියකු වන පී. ඒ. ප්‍රියන්ත රුවන් කුමාර නමැත්තෙකි.

මී ගවයාගේ පහර කෑමෙන් බේරීමට මව සහ දියණිය අසල තිබූ පාළු නිවසකට ඇතුළු වී දොර වසා ගත්තද මී ගවයා නිවසේ දොරට පහරදී ඇතැයි පොලිසිය කළ විමර්ශනවලදී අනාවරණය වී ඇත. තුවාල ලබා සිටි මව සහ දියණිය රෝහල් ගෙන යෑමට අසල්වැසියන් උත්සාහ කළ අවස්ථාවේදී ඔවුන් රැගෙන යෑමට පැමිණි කුඩා ලොරි රථයේ රියැදුරුට ද මී ගවයා ඇන ඇති  බව පොලිසිය පවසයි.

රියැදුරු මී ගවයා  දැදුරු ඔය ජලාශය දෙසට පන්නා දැමීමට ගිය අවස්ථාවේදී අසල්වාසීන්  මව සහ දියණිය ලොරියට නංවා ඇතත් රියැදුරු නොපැමිණීම නිසා සොයා බැලීමේදී ඔහු මී ගවයාගේ පහර කෑමට ලක්ව බුලත් කොරටුවේම වැටී සිට ඇතැයි ද අනතුරුව ඔවුන් තිදෙනාම රෝහල් ගත කර ඇතැයි ද  පොලිසිය කියයි.

මී ගව ප්‍රහාරයට ලක්වූ රියැදුරා කුරුණෑගල මහ රෝහලට ඇතුළත් කරන විටද මියගොස් සිට ඇති අතර මීගව ප්‍රහාරයෙන් තුවාල ලැබූ මව සහ දියණිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බවද රෝහල්  ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙම මී ගවයා මීට පෙරද කීප දෙනකුට පරදීමට  උත්සහ කර ඇති අතර ඇද වැටුණු එක් අයකු​ගේ අතක්  බිඳී ඇති  බවද පැවසේ.  

සතුන් ඇති කිරීම පිළිබඳව කිසිදු විද්‍යාත්මක දැනීමක් හෝ පළපුරුද්දක් නැති ගවයාගේ  හිමිකරු මෙම මී ගවයා සුරතලයට මෙන් නිවස තුළම හදාවඩා ගෙන ඇති බවද  පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top