කුවේටයේ සිටි ගෘහ සේවිකාවෝ 46ක් දිවයිනට
Friday, 14 February 2020 - 10:16 | Views - 568
කුවේටයේ ගෘහ සේවය සඳහා ගොස් සිටියදී , එරට නිවෙස් හිමියන් වෙතින් විවිධ හිරිහැර, කරදර වලට ලක් වූ ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් 46 දෙනෙකු  අද (14) උදෑසන කටුනායක ගුවන් තොටුපළ වෙත එවා තිබුණි.
 
මොවුන් අතරින් වැඩි පිරිසක් අනුරාධපුරය සහ පොළොන්නරුව යන ප්‍රදේශවල පදිංචිකාරියන් වූ අතර, ඉතිරි පිරිස ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශවල පදිංචි අය වූහ .
 
 ඔවුන් සේවය සදහා ගොස් සිටි නිවෙස් හිමියන්ගෙන් සිදු වන හිරිහැර ,කරදර තවදුරටත් ඉවසා ගෙන සිටීමට නොහැකි වීමෙන්  , ඔවුන් එම නිවෙස් වලින් පැන යමින් සිටියදී , එරට ආරක්ෂක අංශ මගින් අත් අඩංගුවට ගෙන තිබුණි.
 
මෙයින් 13 දෙනෙකු කුවේටයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු  නිලධාරීන් විසින් රදවා තබාගෙන සිටි ශ්‍රී ලාංකික ගෘහ සේවිකාවන් වන අතර , ඉතිරි 33 දෙනා , කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ " සුරක්ෂා" රැදවුම් මධ්‍යස්ථානයේ රදවා තබා සිටි අය වූහ .
 
ඔවුන් අද(14) දින උදෑසන 6.20 ට කුවේටයේ සිට පැමිණි  ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 230 දරණ  ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණි .
 
ඔවුන් විසින්ම ලබා ගත් ගුවන් ප්‍රවේශ පත්‍ර මගින් සහ තාවකාලික ගුවන් ගමන් බලපත්‍ර යටතේ මෙම මෙම ගෘහ සේවිකාවන් පිරිස ශ්‍රී ලංකාවට පැමිණ තිබුණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top