ඕස්ට්‍රේලියාවේ ලැව් ගිනි නිමා වෙයි
Friday, 14 February 2020 - 9:57 | Views - 449
ඕස්ට්‍රේලියාවේ - නිව් සවුත් වේල්ස් ප්‍රාන්තයේ පසුගිය මාස කිහිපය පුරා අඛන්ඩව පැතිර ගිය ලැව් ගිනි මේ වනවිට නිමා වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළා.
පසුගිය සති අන්තයේදී පැවති අධික වර්ෂාව ඊට හේතුවයි. වසර 30 ක කාලයක් තුළ ඕස්ට්‍රේලියාවට බලපෑ වැඩිම වර්ෂාපතනය ගෙවීගිය සති අන්තයේදී වාර්තා වුණා.
කෙසේ වෙතත්, ලැව් ගිනි හේතුවෙන්, ඕස්ට්‍රේලියාවේ හෙක්ටයාර මිලියන 11 කට වැඩි ප්‍රමාණයක් විනාශ වී ඇති අතර, එය එංගලන්තයේ මුළු භූමි ප්‍රමාණයට සමාන බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.
Share This Article