හුබෙයි ප්‍රාන්තයෙන් තවත් කොරෝනා ආසාදිතයන් 15,000ක්
Thursday, 13 February 2020 - 16:49 | Views - 819
කොවිඩ් 19 වෛරසය හෙවත් කොරෝනා ආසාදනය වූ බවට පැවසෙන තවත් පුද්ගලයින් 15,000ක් චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් වාර්තා වී තිබෙනවා.
ඒ අනුව හුබෙයි ප්‍රාන්තයේ වෛරස් ආසාදිතයින්ගේ් සීඝ්‍ර වැඩිවීමක් පෙන්නුම් කරන බවයි චීන මාධ්‍ය වාර්තා කළේ.
එම ප්‍රාන්තයේ මේ දක්වා වාර්තා වී ඇති කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 48,206 ක්. ප්‍රාන්තයේ සෞඛ්‍ය නිලධාරින් සඳහන් කළේ රෝග විනිශ්චය කිරීම සඳහා නව ක්‍රමවේදයන් භාවිත කරන බවයි.
Share This Article