EPF සාමාජිකයන්ට කෙටි පණිවුඩයක්
Thursday, 13 February 2020 - 15:15 | Views - 670
සේවක අර්ථ සාධක අරමුදලේ දායකත්වය දරන සාමාජිකයන්ට සිය මාසික දායක මුදල් සිය ගිණුමට බැරවී ඇති බවට කෙටි පණිවුඩ ඔස්සේ දැනගත හැකි ක්‍රමයක් සැකසීමට රජය තීරණය කර තිබෙනවා.
ඒ අනුව සාමාජිකයා විසින් නම් කරන ජංගම දුරකථන අංකයකට එම පණිවුඩය ලැබෙනු ඇති.
සේවක අර්ථ සාධක අරමුදලේ ස්ථිර සාමාජිකත්වය දරන සාමාජික සංඛ්‍යාව මිලියන 2.6ක්. තම දායක මුදල් ගිණුම්ගත වී ඇද්ද යන්න දැනගැනීමට ඔවුන්ට සාමාන්‍යයෙන් මාස 6ත් 12ත් අතර කාලයක් ගතවනවා.
මේ නිසා ඔවුන් ප්‍රශ්න ගණනාවකට මුහුණ දෙන බව සඳහන් කරමින් නිපුනතා සංවර්ධන, රැකී රක්ෂා හා කම්කරු සබඳතා අමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ කෙටි පණිවුඩ සේවාව ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට අනුමැතිය හිමිව තිබෙනවා.
Share This Article