ඉන්දු පාකිස්තාන් ක‍්‍රිකට් මිත‍්‍රත්වයකට යුවරාජ් සහ අෆ්රීඩි මැදි වෙයි
Thursday, 13 February 2020 - 11:46 | Views - 527
දේශපාලන විරසක භාවය හේතුවෙන් වසර අටක් පුරා ඉන්දියාව සහ පාකිස්තාය අතර ක‍්‍රිකට් තරගාවලියක් පවත්වා නොමැත. එවැනි තත්ත්වයක් ක‍්‍රිකට් ක‍්‍රීඩාවේදී ඇතිවිය නොහැකි බව හිටපු ඉන්දීය ක‍්‍රීඩක යුවරාජ් සිං සහ පාකිස්තාන් ක‍්‍රීඩක සහිඞ් අෆ්රීඩි පවසයි.
‘‘ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගාවලියක් පැවැත්වූයේ නම් එය අළු බඳුනටත් වඩා ජනප‍්‍රිය වෙනවා.’’ යැයි අෆ්රීඩි පවසයි. ඉන්දියාව සහ පාකිස්තානය මුණ ගැසෙනු ලබන්නේ අයි.සී.සී. සහ ආසියානු කුසලාන තරගාවලි වලදී පමණි.
මේ සම්බන්ධයෙන් යුවරාජ් සිං පවසන්නේ, ‘‘අපි ක‍්‍රිකට් ක‍්‍රීඩා කරන්නේ ක‍්‍රීඩාවට තියෙන ආදරය නිසා. අපට එරෙහිව ක‍්‍රීඩා කළ යුත්තේ කුමන රටද කියා අපට තෝරා ගන්න බැහැ. නමුත් මට තේරෙන්න ඉන්දියාව සහ පාකිස්තානය එකට ක‍්‍රීඩා කළොත් එය ක‍්‍රීඩාවට හොඳ දෙයක් කියලා.
Share This Article