පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය
Thursday, 13 February 2020 - 11:24 | Views - 383
වසර 10 ක කාලයක් උසස්වීම් නොලබා සිටින පොලිස් කොස්තාපල්වරුන්ට උසස්වීම් ලබාදීමට කැබිනට් අනුමැතිය හිමිව තිබෙනවා.
මේ වනවිට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්වේ පැවැත්වෙන කැබිනට් තීරණ දැනුම් දෙන මාධ්‍ය හමුවට එක්වෙමින් සම කැබිනට් ප්‍රකාශක අමාත්‍ය බන්දුල ගුණවර්ධන කියා සිටියේ පොලිස් කොමිසම හරහා වැඩපිළිවෙලක් සකස් කර අදාළ උසස්වීම් ලබාදීමට කටයුතු කරන බවයි.
Share This Article