බෝඩිමේ සිටි කාන්තාවට කොස්සෙන් ගැසූ නිවසේ හිමිකාරියට වැඩවරදී
Thursday, 13 February 2020 - 11:10 | Views - 566
නුගේගොඩ පාසල් මාවත ප්‍රදේශයේ නිවෙසක කුලී පදනම මත සිටි කාන්තාවකට කොස්සකින් පහරදී තුවාල සිදුකළ නිවෙස් හිමි කාන්තාවට මාස 09ක සිරදඬුවමක් නියම කළ නුගේගොඩ ප්‍රධාන මහෙස්ත්‍රාත් වසන්ත කුමාර මහතා වින්දිත කාන්තාවට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසටද නියෝග කර තිබෙනවා.

මීට අමතරව රුපියල් 1,500ක දඩයක්ද නියම කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා දඩය නොගෙවන්නේ නම් විත්තිකාර කාන්තාවට තවත් මාස හයක ලිහිල් වැඩ සහිත සිරදඬුවමක් ලබාදෙන ලෙසටද නියම කර තිබෙනවා.

මෙකී සිද්ධියේ පැමිණිලිකාරිය පිළියන්දල ප්‍රදේශයේ පදිංචිකාරියක් බවත් ඇය ඉහත කී නිවෙසේ කුලී පදනම මත සිටින අතරතුර ඇය හා නිවෙස හිමිකාරිය අතර ඇතිවූ බහින්බස් වීමකින් පසු විත්තිකාර කාන්තාව පැමිණිලිකාරියට කොස්සකින් පහරදී තුවාල සිදුකර ඇති බවත් මිරිහාන ළමා හා කාන්තා කාර්යාංශය “බී” වාර්තාවක් මඟින් අධිකරණයට කරුණු දක්වා තිබෙනවා.

රුවනි නර්මදා නමැති කාන්තාවක් මෙම සිද්ධියේ පැමිණිලිකාරිය වන අතර 2014 වසරේ සිට පැවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව මහෙස්ත්‍රාත්වරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කළ අවස්ථාවේ තමන්ට හිර ගෙදරට යෑමට නොහැකි බව පවසමින් අධිකරණය තුළ හඬා වැටෙන අයුරු දක්නට ලැබුණු බවයි වාර්තා වන්නේ.

"මව්බිම"
කුමුදු උපුල් ශාන්ත
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top