මියගිය බංග්ලාදේශ ගණිකාවකට ප්‍රථම වරට චාරිත්‍රානුකූල වතාවත්
Thursday, 13 February 2020 - 10:27 | Views - 807
මුස්ලිම් බහුතරයක් වෙසෙන බංග්ලාදේශය තුළ මියගිය ගණිකාවකට ප්‍රථම වරට ඉස්ලාමීය ආගමානුකූල චාරිත්‍ර අනුව අවමංගල කටයුතු සිදුකිරීමක් වාර්තා වෙයි.

ලෝකයේ විශාලතම ගණිකා මඩම් පිහිටි ප්‍රදේශයක් ලෙස සැලකෙන ඩවුලාට්ඩියා ප්‍රදේශයේ ජීවත් වූ 65 හැවිරිදි හමීඩා බෙගම් හදිසියේ රෝගාතුර වී පසුගියදා ජීවිතක්ෂයට පත්ව තිබුණි.

සිය ජීවිත කාලය තුළ ගණිකා වෘත්තිය සිය ජීවිකාව කරගෙන සිටි ඇයට මේ ආකාරයෙන් ආගමානුකූල ආදාහනයක් පැවැත්වීම සම්බන්ධයෙන් සමාජ ක්‍රියාකාරීන් සතුටට පත්ව තිබේ.

එහිදී ඇයට උරුම වූ මේ ඓතිහාසික මොහොත දැකගැනීමට විශාල පිරිසක් ඇගේ දේහය ආදාහනය කළ සුසාන භූමිය වෙත පැමිණ තිබුණි.

ගණිකා වෘත්තිය බංග්ලාදේශය තුළ නීත්‍යානුකූල වුවත්, ඉස්ලාමීය ආගමික නායකයන් විසින් ඔවුන්ගේ ආදාහනයන් වෙනුවෙන් ආගමික වතාවත් සිදුකිරීම මීට පෙර ප්‍රතික්ෂේප කර තිබුණි.

ඒ වෙනුවට කිසිදු සඳහනක් නොවූ, ආගමික වතාවත්වලින් තොර වූ සුසානයක ඔවුන්ගේ දේහයන් වැළලීම හෝ ඒවා ගංගාවකට වීසි කිරීම මීට පෙර සිදුවිණි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top