දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ වැසි
Thursday, 13 February 2020 - 10:17 | Views - 360
බස්නාහිර සහ සබරගමුව පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට අද පස්වරු දෙකෙන් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ඌව පළාත මෙන්ම හම්බන්තොට, මාතලේ සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බවයි.
එමෙන්ම උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් සුළෙඟ් වේගය පැයට කිලෝමීටර 40 පමණ දක්වා වැඩිවිය හැකියි.
Share This Article