යාපනයේ ගණිකා නිවාසයට පොලිසියෙන් පනී - ගණිකාවෝ හිස හැරුණු හැරුණු අත දුවති
Thursday, 13 February 2020 - 8:25 | Views - 820
යාපනය කෝවිල් පාරේ විවාහ මංගල උත්සව පවත්වන උත්සව ශාලාවකදී කාලයක් තිස්සේ ඉතා රහසිගතව පවත්වා ගෙන ගිය ගණිකා නිවාසයක් වැටලූ යාපනය පොලිසියේ නිලධාරීන් එහි සිටි වයස අවුරුදු දාහතක බාල වයස්කාර තරුණියක ඇතුළු දෙදෙනකු 11 වැනිදා අත්අඩංගුවට ගෙන තිබේ.
පොලිසිය අදාළ ස්ථානය වෙත යන විට ගණිකා සේවයේ යොදවා සිටි කාන්තාවන් විශාල පිරිසක් එම ස්ථානයෙන් පලා ගොස් සිටි බව යාපනය පොලිසිය පවසයි.
මේ ගණිකා නිවාසය සඳහා යාපනයේ මෙන්ම කිළිනොච්චියේ සිටත් කොළඹ සිටත් ගණිකාවන් කැඳවා ගෙන ඔවුන් මුදලට අලෙවි කර ඇති බවට පොලිසියට තොරතුරු හෙළි වී තිබේ.
යාපනය පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද සැකකරුවන් දෙදෙනා යාපනය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට පියවර ගෙන ඇත. පරීක්ෂණ සිදුකෙරේ.
Share This Article