ඩෝසරය අලූත්වැඩියා කරමින් සිටි මොනරාගල වාරි ඉංජිනේරු කාර්යාල සේවකයා ඩෝසරයටම සිරවී මියයයි
Thursday, 13 February 2020 - 8:18 | Views - 1,402
මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ වාහන නඩත්තු ඒකකයේ සේවකයකු ඊයේ (12 දා) ඩෝසර් යන්ත්රයක් අලූත්වැඩියා කරමින් සිටියදී එම යන්ත්රයට සිරවීමෙන් මියගොස් ඇත.
මෙලෙස මියගොස් ඇත්තේ මොනරාගල වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලයේ නඩත්තු අංශයේ සේවය කළ මහියංගනය තිස්සපුර පදිංචි පී.ඞීගුණපාල (58) නමැති තෙදරු පියෙකි.
හෙතෙම නඩත්තු ඒකකයේ ඩෝසර් යන්ත්රයක් අලූත්වැඩියා කරමින් සිටියදී ඩෝසර් යන්ත්රය එකවරම ක්රියාත්මක වීමෙන් එයට සිරවී බරපතළ තුවාල ලබා මොනරාගල මහ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මියගොස් ඇත.
සිද්ධිය පිළිබඳව මොනරාගල පොලිසිය පරීක්ෂණ පවත්වයි.
Share This Article