
සංචාරක එංගලන්ත කණ්ඩායම සමග පැවති පළමු පන්දුවාර 20යි 20 කි‍්‍රකට් තරගයෙන් තීරණාත්මක ජයක් වාර්තා කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.
ඒ, ලකුණු 1කින් තරගය ජයග්‍රහණය කරමින්.
තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් දකණු අපි‍්‍රකාව කඩුළු 8ක් දැවී ලකුණු 177ක් ලබා ගත්තා.
ටෙම්බා බවුමා ලකුණු 43යි.
පිළිතුරු ඉනිම කි‍්‍රඩා කළ එංගලන්තයට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 9ක් දැවී රැස්කර ගත හැකි වූයේ ලකුණු 176ක් පමණයි.
ජේසන් රෝයි ලකුණු 70ක් සහ නායක ඔයින් මෝගන් ලකුණු 52ක් රැස් කළා.
තරගයෙන් ජය ලැබීමට එංගලන්ත කණ්ඩායමට අවසාන පන්දු ඕවරයේදී ලබාගත යුතුව තිබූ ලකුණු සංඛ්‍යාව 7 ක්. නමුත් ඔවුන්ට ලබාගත හැකි වූයේ ලකුණු 5ක් පමණයි.
එම පන්දු ඕවරයේදී එංගලන්ත කඩුලු 3ක් බිඳ වැටුණා.
පන්දු යැවීමේදී ලකුණු 30කට කඩුළු 3ක් බිඳහෙලූ ලූන්ගි එන්ගීඩි තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබුවා.
83 Views
104 Views
269 Views
170 Views
146 Views
157 Views
147 Views
120 Views
184 Views
135 Views
145 Views
219 Views
254 Views
707 Views
77 Views
37 Views