
සිය බාල වයස්කාර පාසල් පෙම්වතිය සීයාගේ නිවෙසට රැගෙන විත් කෙලෙසීමේ සිද්ධියකට සම්බන්ධ වූ බව කියන බාල වයස්කාර පෙම්වතා මිහින්තලය පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයෙන් අත්අඩංගුවට ගෙන ඇත. ඒ ඉකුත් 10දා පෙම්වතිය නිවෙසේ සිටියදීයි.
මිහින්තලය පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයන්ත ගුණතිලක මහතාට ලැබුණු නිර්නාමික දුරකථන ඇමතුමකට අනුව කළ පරීක්ෂණයකදී සිසුවිය හා සිසුවා කාමරතුළ සිටියදීම ළමා හා කාන්තා පොලිස් නිලධාරීන් හා නිලධාරිනියන් විසින් අත්අඩංගුවට ගෙන තිබිණි. සිසුවිය පාසල් නිල ඇඳුමෙන් පෙම්වතාගේ නිවෙසට පැමිණ සිට ඇති අතර ඇය පාසල් වේලාවේ මිහින්තලයේ පිහිටි පෙම්වතාගේ නිවෙසට පැමිණෙන අයුරු දුටු කිසිවකු දුරකථන ඇමතුම ලබා දෙන්නට ඇති බවට පොලිසිය සැක කරයි.
සැකකාර බාල වයස්කාර පාසල් සිසුවා මිහින්තලය නගර ආසන්නයේ පිහිටි පාසලක ඉගෙනුම ලබන අතර ඔහු එදින විද්‍යාලයීය අධ්‍යාපන කටයුතු සඳහා ගොස් නැති බව පොලිසියට අනාවරණය වී තිබිණි.
සැකකාර සිසුවා ඔහුගේ සීයාගේ නිවෙසේ පදිංචි වී පාසල් යන බවත් එදින සීයා නිවෙසින් බැහැර වූ අවස්ථාවේ සිද්ධිය සිදුව තිබෙන බවත් පාසල් සිසුවිය පෙම්වතාගේ කීමට අනුව පාසල් නිල ඇඳුමෙන්ම එහි ගොස් තිබෙන බව පොලිසිය අනාවරණය කරගෙන තිබිණි.
පොලිස් අත්අඩංගුවට ගත් දෙදෙනා වසර හතරක පමණ සිට ආදරවන්තයන් ලෙස කටයුතු කර ඇති බව පොලිසිය අනාවරණය කරගෙන තිබේ. සිද්ධියෙන් පසුව සිසුවිය හා සිසුවා අත්අඩංගුවට ගෙන ඒ පිළිබඳව මවුපියන්ට දැන්වීමට පොලිසිය කටයුතු කර තිබිණි. පොලිස් භාරයට ගත් බාල වයස්කාර සිසුවිය සිසුවා අතින් දූෂණයට ලක්වී ඇත්ද යන්න අනාවරණය කරගැනීමට පොලිසිය විසින් සිසුවිය අනුරාධපුර ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කර තිබිණි.
එහිදී සිසුවිය පෙම්වතා අතින් දූෂණයට ලක්වී ඇති බව වෛද්‍යවරයා අනාවරණය කර තිබිණි. අත්අඩංගුවට ගත් 16 හැවිරිදි පාසල් සිසුවා පෙරේදා (11දා) අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වින්දිත දැරිය මවුපියන්ට භාරදීමට නියමිතව තිබිණි.
අනුරාධපුර - මහේෂ් විජේසූරිය
83 Views
104 Views
269 Views
170 Views
146 Views
157 Views
147 Views
120 Views
184 Views
135 Views
145 Views
219 Views
254 Views
707 Views
77 Views
37 Views