ඕලුදොළ ඇළේ දිය නෑ තරුණයන්ගේ යතුරුපැදිය සොරාගත් දෙදෙනා අල්ලයි
Thursday, 13 February 2020 - 8:10 | Views - 430

අකුරැස්ස ඕලු‍ෙදාළ ඇළේ දිය නෑම සඳහා යතුරුපැදියකින් ගිය තරුණයන් දෙදෙනකුගේ රුපියල් එක් ලක්ෂ හැට හතර දාහක් පමණ වටිනා යතුරුපැදිය සොරකම් කරගෙන ගොස් තිබියදී දෙයියන්දර පොලිසිය මඟින් සොයාගෙන ඇත.

මෙම තරුණයන් දෙදෙනා ඕලු‍ෙදාළේ දිය නෑම සඳහා තම යතුරුපැදිය ඒ ආසන්නයේ නවතා තබා  නෑමට ගොස් සිටින අතරතුර එය බලා සිටි තරුණයන් දෙදෙනකු යතුරුපැදිය සොරාගෙන දෙයියන්දර ප්‍රදේශයෙන් ගමන් ගන්නා විටදී පොලිසිය මඟින් නැවතීමට අණ කරද්දී යතුරුපැදිය දමා පලාගොස් තිබිණි. 

පොලිසිය පවසන අන්දමට ඔවුන් දෙදෙනා තවත් යතුරුපැදියක් සොරකම් කර නැවතත් මාලිම්බොඩ ප්‍රදේශයට පැමිණ මාතර ප්‍රදේශයට පලාගොස් සැඟවී සිට ඇත. සොරකම ඉකුත් 5 වැනි දින සිදුවී ඇති අතර 9 වැනි දින සැකකරුවන් දෙදෙනා අකුරැස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ. 

අසල තිබූ සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගෙන පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මොවුන් යතුරුපැදියක් පැහැරගෙන යන ආකාරය නිරීක්ෂණය වී තිබේ. 

අකුරැස්ස - රණවීර 

 
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top