
අකුරැස්ස ඕලුෙදාළ ඇළේ දිය නෑම සඳහා යතුරුපැදියකින් ගිය තරුණයන් දෙදෙනකුගේ රුපියල් එක් ලක්ෂ හැට හතර දාහක් පමණ වටිනා යතුරුපැදිය සොරකම් කරගෙන ගොස් තිබියදී දෙයියන්දර පොලිසිය මඟින් සොයාගෙන ඇත.
මෙම තරුණයන් දෙදෙනා ඕලුෙදාළේ දිය නෑම සඳහා තම යතුරුපැදිය ඒ ආසන්නයේ නවතා තබා නෑමට ගොස් සිටින අතරතුර එය බලා සිටි තරුණයන් දෙදෙනකු යතුරුපැදිය සොරාගෙන දෙයියන්දර ප්රදේශයෙන් ගමන් ගන්නා විටදී පොලිසිය මඟින් නැවතීමට අණ කරද්දී යතුරුපැදිය දමා පලාගොස් තිබිණි.
පොලිසිය පවසන අන්දමට ඔවුන් දෙදෙනා තවත් යතුරුපැදියක් සොරකම් කර නැවතත් මාලිම්බොඩ ප්රදේශයට පැමිණ මාතර ප්රදේශයට පලාගොස් සැඟවී සිට ඇත. සොරකම ඉකුත් 5 වැනි දින සිදුවී ඇති අතර 9 වැනි දින සැකකරුවන් දෙදෙනා අකුරැස්ස පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
අසල තිබූ සීසීටීවී කැමරා දර්ශන උපයෝගී කරගෙන පරීක්ෂණ පැවැත්වීමෙන් අනතුරුව මොවුන් යතුරුපැදියක් පැහැරගෙන යන ආකාරය නිරීක්ෂණය වී තිබේ.
අකුරැස්ස - රණවීර
83 Views
104 Views
269 Views
170 Views
146 Views
157 Views
147 Views
120 Views
184 Views
135 Views
145 Views
219 Views
254 Views
707 Views
77 Views
37 Views