
බියගම, යටවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක අයිස් මත්ද්‍රව්‍ය උරමින් සිටි කාන්තාවන් දෙදෙනකු සමඟ තරුණයන් සිවුදෙනකු බියගම පොලිසිය මඟින් පසුගිය ඉරිදා (9දා) රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබූහ.
මේ පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ බියගම, යටවත්ත පාරේ යතුරුපැදියකින් ගමන් කළ සැකකටයුතු තරුණයන් දෙදෙනකු පරීක්ෂා කිරීමේදී ඔවුන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසුව ඔවුන්ගෙන් ලද තොරතුරු මත නේවාසිකාගාරය වැටලූ අවස්ථාවේය.
අත්අඩංගුවට ගනු ලැබූ පිරිස ළඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 80 බැගින් තිබී ඇත.
මීට අමතරව සැකපිට තරුණයන් දෙදෙනකු සමඟ වරෙන්තුකරුවකුද අත්අඩංගුවට ගෙන ඇත.
ඔවුන් විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 ත් 25 ත් අතර වියේ පසුවන්නෝ වෙති.
මොවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.
බියගම - කේ. දුමින්ද
83 Views
104 Views
269 Views
170 Views
146 Views
157 Views
147 Views
120 Views
184 Views
135 Views
145 Views
219 Views
254 Views
707 Views
77 Views
37 Views