අයිස් මත්ද්‍රව්‍ය උරමින් සිටි කාන්තාවන් දෙදෙනකු ඇතුළු හයක් මාට්ටු
Thursday, 13 February 2020 - 8:08 | Views - 775

බියගම, යටවත්ත ප්‍රදේශයේ නේවාසිකාගාරයක අයිස් මත්ද්‍රව්‍ය උරමින් සිටි කාන්තාවන් දෙදෙනකු සමඟ තරුණයන් සිවුදෙනකු බියගම පොලිසිය මඟින් පසුගිය ඉරිදා (9දා) රාත්‍රි අත්අඩංගුවට ගනු ලැබූහ.

මේ පිරිස අත්අඩංගුවට ගැනීමට හැකිවූයේ බියගම, යටවත්ත පාරේ යතුරුපැදියකින් ගමන් කළ සැකකටයුතු තරුණයන් දෙදෙනකු පරීක්ෂා කිරීමේදී ඔවුන් ළඟ තිබී අයිස් මත්ද්‍රව්‍ය සොයා ගැනීමෙන් පසුව ඔවුන්ගෙන් ලද තොරතුරු මත නේවාසිකාගාරය වැටලූ අවස්ථාවේය.

අත්අඩංගුවට ගනු ලැබූ පිරිස ළඟ අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 80 බැගින් තිබී ඇත.

මීට අමතරව සැකපිට තරුණයන් දෙදෙනකු සමඟ වරෙන්තුකරුවකුද අත්අඩංගුවට ගෙන ඇත.

ඔවුන් විවිධ ප්‍රදේශවල පදිංචි වයස අවුරුදු 18 ත් 25 ත් අතර වියේ පසුවන්නෝ වෙති.

මොවුන් මහර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

බියගම - කේ. දුමින්ද

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top