එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය හෙටත් රැස්වේ
Thursday, 13 February 2020 - 7:47 | Views - 535

එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් හෙට පැවැත්වෙනවා.
සිරිකොත පක්ෂ මූලස්ථානයේදී උදෑසන 9.30 ට මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීම පැවැත්වෙන බවයි එක්සත් ජාතික පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ.සී. අලවතුවල සඳහන් කළේ.
මෙහිදී වර්තමාන දේශපාලන තත්ත්වය මෙන්ම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වය යුත් නව සන්ධානය සම්බන්ධයෙන්ද සාකච්ඡා කෙරෙනු ඇති බවයි වාර්තාවන්නේ.
පසුගිය සඳුදා දිනයේදීද කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස්වූ අතර, එහිදී එම නව සන්ධානයේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මද්දුමබණ්ඩාරට කෘත්‍යාධිකාරී මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබුණා.
එමෙන්ම මෙම නව සන්ධානය මැතිවරණ කොමිසන් සභාවද පිළිගෙන තිබුණා.
මේ අතර කෘත්‍යාධිකාරී මණ්ඩලය කුමන තීරණ ගත්තත්, ඉදිරි මැතිවරණය නව සන්ධානයෙන් තරග කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ ප්‍රකාශ කළා.
මේ අතර පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික මහ ලේකම් ධුරය දරණ ජාතික හෙළ උරුමය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් නායකත්වය දරණ දමිල ප්රගතිශීලී සන්ධානය මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් නායකත්වය දරණ ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය ද, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ නායකත්වයෙන් යුත් නව සන්ධානය සමඟ එක්ව තිබෙනවා.
එහෙත් සමස්ත ලංකා මහජන කොංග්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඞ් බදියුදීන් මෙම සන්ධානයට එක්වන්නේ ද නැද්ද යන්න සම්බන්ධයෙන් මෙතෙක් ප්‍රකාශයට පත් කර නැහැ.
Share This Article