ශ්‍රී ලංකාවට තාක්ෂණික සහය දෙන්න ඊශ්‍රායලය සූදානමින්
Thursday, 13 February 2020 - 7:42 | Views - 727
ශ්‍රී ලංකාව සමඟ ද්විපාර්ශවික සබඳතා වර්ධනය කරගැනීමට තාක්ෂණික හැකියාවන් සැපයීමට ඊශ්‍රායලය සූදානම් බව ප්‍රකාශ කර තිබෙනවා.
ඒ, නවදිල්ලි නුවර නේවාසික ශ්‍රී ලංකාවේ ඊශ්‍රායල තානාපති රොන් මල්කා ජනාධිපති කාර්යාලයේදී ඊයේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ හමුවූ අවස්ථාවේදියි.
ගොවිතැන සඳහා නවීන ක්‍රම හඳුන්වාදීම තුළින් දැනට පවතින කෘෂිකාර්මික ක්‍රියාකාරකම් සඳහා වටිනාකමක් එකතු කිරීමට තම රටට හැකියාවක් ඇති බව ධනාත්මක ප්‍රතිචාරයක් දක්වමින් ඊශ්‍රායල තානාපතිවරයා ප්‍රකාශ කළ බවයි ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ.
අධ්‍යාපන සහ වෘත්තිය පුහුණු ක්ෂේත්රය නවීකරණය සඳහාද සහය විය හැකි බව ඔහු එහිදී සඳහන් කර තිබෙනවා.
Share This Article