උසස් පෙළ විෂයන් කිහිපයකට ගණක යන්ත්‍ර
Thursday, 13 February 2020 - 7:40 | Views - 1,328
මෙවර උසස් පෙළ විභාගය සඳහා විෂයන් කිහිපයකට අදාළව වැඩසටහන් සම්පාදනය කළ නොහැකි ගණක යන්ත්‍ර හෙවත් සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවසර ලබාදීම කෙරෙහි ශ්‍රී ලංකා විභාග දෙපාර්තමේන්තුවේ අවධානය යොමුව තිබෙනවා.
ඒ අනුව උසස් පෙළ ගිණුම්කරණය, ජෛව පද්ධති තාක්ෂණවේදය, ඉංජිනේරු තාක්ෂණවේදය සහ තාක්ෂණවේදය සඳහා විද්‍යාව යන විෂයන් සඳහා ගණක යන්ත්‍ර භාවිත කිරීමට සිසුන්ට අවස්ථාව හිමිවනවා.
එමෙන්ම ශ්‍රී ලංකා ගණකාධිකාරී සේවයට බඳවාගැනීමේ තරග විභාගය සඳහාද සාමාන්‍ය ගණක යන්ත්‍ර භාවිත කිරීමට අවස්ථාව මෙම වසරේ සිට ලබාදෙන බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article