ජනාධිපති කාර්යාලය අසල සිටි පාර්ශව තුනකට විසඳුම්
Wednesday, 12 February 2020 - 19:20 | Views - 676

විවෘත විශ්වවිද්‍යාලයේ පාඨමාලා ගාස්තු ඉහළ දැමීමට විරෝධය පළ කිරීමට එරෙහිව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය උසස් අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිට අද විරෝධතාවක නිරතවුණා.
නෙළුම් පොකුණ රගහල අසල සිට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය දක්වා විරෝධතා පා ගමනින් පැමිණි සිසුන්ගෙන් කිහිපදෙනෙකුට අමාත්‍යංශයේ ලේකම්වරයා හමුවි සාකච්ඡා කිරිමට අවස්ථාව හිමිවුවද ඔවුන් එය ප්‍රතික්ෂේප කළේ විෂය භාර අමාත්‍ය බන්දුල ගුණවර්ධන හමුවීමට අවශ්‍ය බව සඳහන් කරමින්.
කෙසේ වෙතත් ඔවුන්ට අමාත්‍යවරයා සමඟ සාකච්ඡාවක් නොලැබුණු අතර, පසුව පිරිස විසිර ගියේ ඔවුන් විසින් රැගෙන ආ මිනී පෙට්ටියක ආකෘතියක්ද එම ස්ථානයේ පුළුස්සා දමමින්.
සාකච්ඡාවට ගිය නියෝජිතයන් කිහිපදෙනාද උසස් අධ්‍යාපන අමාත්‍යවරයා ඇතුලූ බලධාරීන්ගේ මුහුණුවලට සමාන වෙස් මුහුණු පැළඳ සිටි බව අප වාර්තාකරු සඳහන් කළා.
මේ අතර, කොන්ත්‍රාත් පදනම මත සිටින සේවකයින් ස්ථිර කරන ලෙස බලකරමින් ජනාධිපති කාර්යාලය අසළ පිහිටි විරෝධතා සඳහා වෙන් කළ ස්ථානයේ පුරාවිද්‍යා සේවක සංගමය අද තුන්වන දිනටත් රැදි සිටිනවා.
කෙසේ වෙතත් එම ස්ථානයේ උද්ඝෝෂණයේ නිරතවූ සමෘද්ධි පරිගණක සහකාර සංගමය, විදුහල්පති විභාගය සමත්වී අසාධාරණයට ලක්වූවන් බව කියන පිරිසක් මෙන්ම විශ්‍රාමික රණවිරු පවුල් වල සමාජිකයින් පිරිසක් ද අද එම ස්ථානයේ විරෝධතාවන්හි නිරත වූ අතර, අදාළ ගැටලූවලට විසදුම් ලබාදීම හේතුවෙන් පසුව විසිර ගියා.
Share This Article