බේරුවල දී පාසලට යමින් සිටි පියාට සහ දරුවාට පහරදීලා
Wednesday, 12 February 2020 - 16:53 | Views - 880
බේරුවල - හෙට්ටිමුල්ල ප්රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්රී රාජිත සේනාරත්නගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදියකින් තම දරුවා පාසලට රැගෙන යමින් සිටි පියෙකුට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද උදෑසන පහර දී තිබෙනවා.
පහරකෑමට ලක්වූ ඔවුන් බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා කළුතර - නාගොඩ රෝහලට මාරුකර යැවුණා.
පහර දෙන අවස්ථාවේදී පියා ආරක්ෂාව සඳහා අසළ තිබූ ආපන ශාලාවකට ඇතුළු වී තිබෙනවා.
එම අවස්ථාවේදී පහර දුන් පුද්ගලයින් ආපන ශාලාවට ද අලාභ හානි කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.
පෞද්ගලික ආරවුලක් සිද්ධියට හේතුවී ඇති අතර, සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article