බේරුවල දී පාසලට යමින් සිටි පියාට සහ දරුවාට පහරදීලා
Wednesday, 12 February 2020 - 16:53 | Views - 881
බේරුවල - හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිත සේනාරත්නගේ නිවස ඉදිරිපිටදී යතුරුපැදියකින් තම දරුවා පාසලට රැගෙන යමින් සිටි පියෙකුට පුද්ගලයන් දෙදෙනෙකු විසින් අද උදෑසන පහර දී තිබෙනවා.

පහරකෑමට ලක්වූ ඔවුන් බේරුවල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු පියා කළුතර - නාගොඩ රෝහලට මාරුකර යැවුණා.

පහර දෙන අවස්ථාවේදී පියා ආරක්ෂාව සඳහා අසළ තිබූ ආපන ශාලාවකට ඇතුළු වී තිබෙනවා.

එම අවස්ථාවේදී පහර දුන් පුද්ගලයින් ආපන ශාලාවට ද අලාභ හානි කර ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

පෞද්ගලික ආරවුලක් සිද්ධියට හේතුවී ඇති අතර, සී.සී.ටී.වී දර්ශන ඔස්සේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top