ශ්‍රී ලංකන් ගුවන් සමාගම, 19 වනදා කෝප් කමිටුවට කැඳවයි
Wednesday, 12 February 2020 - 16:35 | Views - 360

පසුගිය දිනවල වැඩි කතාබහට ලක්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද සාකච්ඡා කිරීම සදහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම කෝප් කමිටුවට ලබන 19 වන දා කැදවන බව පොදු ව්‍යාපාර පිළිබද කාරක සභාවේ(COPE) සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හදුන්නෙත්ති, පාර්ලිමේන්තු මාධ්‍ය මධ්‍යස්ථානයේදී අද{12} ප්‍රකාශ කළා.
මීට අමතරව ලබන 18 වන දින විදේශ සේවා නියුක්ති කාර්යාංශය ද 20 වන දින ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ද කෝප් කමිටුවට කැදවීමට නියමිතයි. විදේශ සේවා නියුක්ති කාර්යාංශය සහ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පාර්ලිමේන්තු සැසිවාරය අවසන් කිරීමේදී කැදවීමට යෝජනාවී තිබූ ආයතන බව සඳහන්.
ශ්‍රි ලංකන් ගුවන් සමාගමේ නිලධාරීහු තමන් අලුතින් පත්වු නිලධාරි මඩුල්ලක් බැවින් මේ සම්බන්ධව අධ්‍යයනය කිරීමට කල් ඉල්ලා මෙම දිනය වෙනුවට වෙනත් ඉදිරි දිනයක් ලබා දෙන ලෙස ලිපියක් මගින් ඉල්ලීමක් කර තිබුණ ද කෝප් කමිටු සාමාජිකයන් විසින් එය ප්‍රතික්ෂේප කොට එදිනට (19) පැමිණෙන ලෙස දන්වා ඇති බව ද හදුන්නෙත්ති මහතා පැවසුවා.
මීට පෙර කෝප් කමිටුවේ සාකච්ඡාවට බදුන්වු එයාර් බස් ගනුදෙනුව පිළිබද පසුගිය කාලයේ වැඩි කතා බහට ලක්වු බැවින් ශ්‍රි ලංකන් ගුවන් සමාගම ද කැදවා මේ පිළිබදව සාකච්ඡා කිරීමට කමිටුව තීරණය කළ බවත් මෙම එයාර් බස් ගනුදෙනුවට අදාළව වාර්තා දෙකක් ද පාර්ලිමේන්තුවට මීට පෙර කෝප් කමිටුව මගින් ඉදිරිපත් කළ බවත් ඔහු වැඩිදුරටත් පවසා සිටියා.
Share This Article