ඒ හිතවත් වීම අපි නොදැනුවත්ම ලොකු බැදීමකට මුල් වුණා- අපි දෙන්නා ජිවත් වෙන්නේ එකිනෙකා අවබෝධ කරගෙන
Wednesday, 12 February 2020 - 16:11 | Views - 1,353
චාමික කුමාර කියන නම කිසි කෙනෙකුගේ මතකයට නොඑන්න පුළුවන්. නමුත් කවුරුත් ආදරේ කරන අතිශය ජනප්‍රිය ගායිකාවක් වූ දීපිකා ප්‍රියදර්ශනී පිරිස්ව නම ඇසුවත්, හඩ ඇසුවත්, රුව දැක්කත් ඒ කවුද කියලා කවුරුත් දන්නවා. ඒ විදිහට බොහෝ දෙනෙක් ආදරේ කරන දීපිකාගේ ආදරණිය සැමියා තමයි චාමික කියන්නේ. ඔහුත් බොහෝ ගීත රචනා කර තිබෙනවා. කවුරුත් දන්න දීපිකා ගැන ආදරණිය සැමියා කියන්නේ මෙහෙමයි.

කොහොමද චාමික ..?
හොදින් සතුටින් ජිවත් වෙනවා. මම රැකියාව කරන්නේ මුල්‍ය ක්ෂේත්‍රයක. ඒ නිසා බැංකු නිලධාරියෙක් විදිහට මමත් කාර්ය බහුලයි. ඒ වගේම විවේකයක් තියෙන වෙලාවට මම කවි ලියනවා. ගීත සදහා පද රචනය කරනවා. ඒ දේවල් එක්ක පවුල් ජීවිතයත් සාර්ථකව ගෙනියනවා. ඒ වගේම කියන්න ඕන මගේ කුළුදුල් ගීත ඇල්බමයත් කවි පොතකුත් ළගදි එළිදක්වනවා. දීපිකාගේ හයවැනි සංගීත තැටියත් එළිදක්වන්න බලාපොරොත්තුවෙන් ඉන්නේ.

ඔබ කොහොමද කලාකටයුතුවලට මුලාරම්භය ගන්නේ..?
මම ගීත සදහා පදරචනා ලියන්න පටන් අරගෙන දැන් අවුරුදු අටක් විතර වෙනවා. පහුගිය කාලේ අනුරාධ පෙරේරාටත් ගීතයක් කළා. මේ වෙද්දී මම ලියපු ගීත 23ක් පටිගත කරලා විවිධ ගුවන් විදුලි මාධ්‍ය ඔස්සේ ඒවා ප්‍රචාරය වෙනවා.

කාර්යබහුල ජිවිතයක් ගත කරන බිරිදටත් ඔබෙන් සහයෝගයක් ලැබෙන ඇති නේද..?
ඔව්. මගේ බිරිද දීපිකා කාර්ය බහුල කෙනෙක් මට වඩා. එයාගේ සංගීත ආශ්‍රමයේ වැඩත්, සංගීත ප්‍රසංග වැඩත් අලුත් නිර්මාණවල වැඩත් එක්ක තමයි අපි දෙන්නා ජිවත් වෙන්නේ. එයාට මම නිතරම මගේ උපරිම සහයෝගය ලබා දෙනවා. සංගීත ප්‍රසංග හෝ වෙනත් වැඩකටයුත්තක් සදහා රාත්‍රී කාලයේ එයා යන්නේ මාත් එක්ක. සැමියා විදිහට අවශ්‍ය සහයෝගය මම එයාට ලබා දෙනවා.

ඔබේ ලියැවිල්ල නිසා නේද දීපිකාව ඔබට හිමි වෙන්නේ..?
එක්තරා විදිහකට මට ඇයව පෙම්වතිය කරගන්නත් මගේ බිරිද කරගන්නත් මට අවස්ථාව ලැබෙන්නේ පදරචනා කලාව නිසා තමයි. මුලින්ම ඇයව ඉන්දියාවේදී මට මුණගැහෙනවා. ඊට පස්සේ ස්වාමින් වහන්සේ කෙනෙකුගේ මාර්ගයෙන් මට ඇයට ගීතයක් ලියන්න අවස්ථාව ලැබුනා. මම මිට කලින් ඩුබායි බැංකුවක සේවය කළා. අපි දීපිකාව එහේදී කොන්සට් දෙකකට ඇයට ආරාධනා කළා. ඒ වෙලාවේ මම වැඩ කළ බැංකුවට එයා ආවා ගියා කිහිප සැරයක්. ඒ අවස්ථාවේ තමයි මම ඇයත් එක්ක මුලින් කතා කරන්නේ. ඒ 2015 වර්ෂයේ ඒ හිතවත් වීම අපි නොදැනුවත්ම ලොකු බැදීමකට මුල් වුණා. අවසානයේ වසර තුනක් පමණ අපි ආදරේ කරලා 2018 වර්ෂයේ අප්‍රේල් මාසේ විවාහ වුණා. අපි විවාහ වෙලා වසර දෙකක් ගත වෙන්න යනවා.

දීපිකා පීරිස් කියන ජනප්‍රිය ගායිකාව නිහතමානි කෙනෙක් කියලා බොහෝ දෙනෙක් දන්නවා. නමුත් දීපිකා පිරිස් කියන ගුරුවරිය ටිකක් සැර පරුෂ කෙනෙක් කියලා මතයක් තියෙනවා. ඇයත් එක්ක ගත කරන සුන්දර ජිවිතේ ගැනත් කියමු..?
අපි දෙන්නා අතර වයස් පරතරයක් තියෙනවා. මම කුඩා කාලේ ඉදලා ඇයගේ හඩට ආදරේ කරනවා. ඇය ගයන ස්භාවිත ගීතයට මම ප්‍රිය කරනවා. පසු කාලේ මම එයාගේ සැමියා වෙනවා. සැමියා වුණාට පස්සේ ලගින්ම ඉන්න කෙනා මම. ළගින්ම ඉන්න කෙනා හැටියට මම ඇය ගැන හොදාකාරයෙන්ම දන්නවා. මම දන්න දීපිකා නම් ටිකක් සැරයි. නමුත් කිසිකෙනෙකුට අහිතකර දෙයක් කරන්නේ නැහැ. අපි දෙන්නා ජිවත් වෙන්නෙත් එකිනෙකා අවබෝධ කරගෙන. ප්‍රශ්න එන්න පුළුවන් ඕනෑම පවුලකට. නමුත් අපි අතරට ප්‍රශ්න අඩුවෙන්ම එන විදිහට තමයි අපි දෙන්නා ජිවත් වෙන්නේ.

එයා අනුලා විද්‍යාලයේ ඉගෙන ගත්තේ. ගුරුවරියක් විදිහට සේවය කරන්නෙත් ඒ විදුහලෙමයි. ගායිකාවක් විදිහට අවුරුදු 30ක් කටයුතු කරනවා. මේ දේවල් හා පවුල් ජීවිතය ඇය සමබරව ගෙන යනවා. ඇය සාර්ථක ගුරුවරියක්, සාර්ථක ගායිකාවක්, ඒ වගේම අතිසාර්ථක බිරිදක් කියන්න පුළුවන්.

කුඩා කළ සිටම ඇයගේ ගීතවලට ප්‍රිය කළ කෙනෙක් බව චාමික කිව්වා. ඒ ස්භාවිත කටහඩට ප්‍රිය කළ ඔබට ඇයගේ සැමියා වීම ගැන මොකද හිතෙන්නේ..? එහෙම අවස්ථාවන් ලැබෙනවා අඩුයිනේ..?
ඒක ඇත්ත. මම නම් හිතන්නේ පෙර සසරෙත් ඇය මගේ කවුරුම හරි වෙන්න ඇති. ඒ නිසයි මේ ආත්මෙත් ඇය පතාගෙන ආවේ. හරිම අහඹු සිදුවීමකින් අපි විවාහ වෙනවා. ඒ ගැන මට ලොකු සතුටක් තියෙනවා. විවාහය කියන්නේ අසමානකම් සමාන කරගෙන ජීවිතය ගත කිරීමක්. මම ආදරය කරපු කෙනෙක් මට ලැබීම ගැන නිහතමානිව ආඩම්බර වෙනවා.

ඇයගේ ජනප්‍රියත්වයත් එක්ක දෙමාපියන් විරුද්ධ වුණේ නැද්ද ඇයව ඔබේ බිරිද කරගන්නවාට..?
වයස් පරතර නිසා අපේ ආදරේට බාධක ආවා. නමුත් දීපිකා කියන්නේ මුල ඉදලම එයාගේ අනන්‍යතාවය රැකගෙන නමට හානියක් නොවන විදිහට ජිවත් වුනු කෙනෙක් නිසා ඒ විරුද්ධකම් මගහරවා ගන්න පුළුවන් වුණා. කෙටියෙන්ම කිව්වොත් සියයට සියයක්ම අපි දෙන්නා ගත්ත තීරණයක් මත විවාහ වුණේ. නමුත් වැඩිහිටියන් දැණුවත්ව.

ගෘහයට මුල් තැන දෙන්න ඕන නිසා දීපිකාට ඔබ බලපෑමක් කරලා නැද්ද ගායන ක්ෂේත්‍රයෙන් සමුගන්න කියලා..?
දීපිකා හරිම සතුටින් ඉගැන්වීම් කටයුතු වගේම නිර්මාණ කටයුතු කරගෙන යන්නේ. ඒ නිසා මම කැමති නැහැ එයාට බලපෑමක් කරන්න. එයාගේ දක්ෂතා තවදුරටත් දකින්න මම කැමතියි. එයාගේ කාර්යබහුලකම අපේ පවුල් ජිවිතයට කරදරයක් වෙලා නැහැ. ඒ නිසා මට ගැටලුවක් නැහැ.

හර්ෂණී වීරරත්න
Image may contain: 3 people, including Chamika Kumara, people smiling, people standing and indoor
Image may contain: 2 people, including Chamika Kumara, people smilingImage may contain: 2 people, including Chamika Kumara, people standing and shoesImage may contain: 2 people, including Chamika Kumara, people smiling, people standing
Share This Article
Hiru Tv Blog
වාග් චිකිත්සක වෘත්තිකයින් (Speech Therapists) 52 දෙනෙකු...
Hiru Tv Blog
අගෝස්තු මාසයේ ගෙවුණු පළමු දින 9 තුළ පමණක්...
Hiru Tv Blog
ලන්ඩනයේ පැවැති 'Spider-Man: Brand New Day' චිත්‍රපටයේ මංගල දර්ශනය සඳහා ලොව පුරා ප්‍රසිද්ධ තාරකාවන්...
Hiru Tv Blog
කාලයක් තිස්සේ පුංචි තිරය වගේම රිදී තිරයත් තමන්ගේ සහජ රංගන කෞශල්‍යයෙන් සහ අසීමිත...
Hiru Tv Blog
පුංචි තිරයෙනුත්, සිනමාවෙනුත් ප්‍රේක්ෂක හදවත් දිනාගත් කලා ලෝකයේ ඉන්න ආදරණීයම...
Hiru Tv Blog
සමාජ මාධ්‍ය ක්ෂේත්‍රය තුළ ටික්ටොක් (TikTok) සහ යූටියුබ් (YouTube) වැනි ප්‍රබල ප්‍රතිවාදීන්ගෙන්...
Hiru Tv Blog
වසරක කාලයක් අභ්‍යවකාශයේ පාවෙමින් තිබූ ස්පේස් එක්ස් සමාගමට අයත් ෆෝල්කන් 9 රොකට්ටුවේ...
Hiru Tv Blog
චීනයේ නිෂ්පාදිත විවෘත මූලාශ්‍ර (Open-source) මහා පරිමාණ ආකෘතියක් වන Kimi K3 පසුගිය 27 වැනිදා...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top