මුහුදේ සුළඟේ වේගය ඉහළ යාමේ අවදානමක්
Wednesday, 12 February 2020 - 14:37 | Views - 604
මන්නාරම සිට පුත්තලම හරහා කොළඹ දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 50 - 60 දක්වා ඉහළ යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එසේම, සෙසු මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය ද පැයට කිලෝමීටර් 50 දක්වා ඉහළ යා හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ.
මේ අතර, නැගෙනහිර, ඌව පළාත්වලට හා මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට යන දිස්ත්‍රික්කවලට හෙට විටින් විට වැසි ඇති වන අතර, පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්රික්කවටල ද වැසි වාර කිහිපයක් අපේක්ෂා කරනවා.
ගිගුරුම් සහිත වැසි සමඟ තාවකාලික තද සුළං ද ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.
Share This Article