රන්ජන් රාමානායක අද අධිකරණයට
Wednesday, 12 February 2020 - 13:56 | Views - 486
රන්ජන් රාමනායකගේ නිවසේ තිබී ගිනි අවියක්, ජීව උණ්ඩ 127ක් දෘඩ තැටි 09ක් සිඩි තැටි සහ ලැප්ටොප් පරිගණකයක් හමුවීම සම්බන්ධයෙන් වන නඩුව සහ මන්ත්රීවරයා අධිකරණයට බලපෑම් කිරිම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව නුගේගොඩ මහේස්ත්රාත් අධිකරණයේදී අද සලකා බැලිමට නියමිතයි.
පසුගිය 07 වනදා රන්ජන් රාමනායක මන්ත්රීවරයා කටහඬ පරීක්ෂණයක් සදහා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමු කෙරුනා.
එදින කොළඹ අපරාධ කොට්ඨාශය අධිකරණයට දැනුම් දුන්නේ අත්අඩංගුවට ගත් ගිනි අවිය භාවිතා කරමින් රන්ජන් රාමනායක මන්ත්රීවරයා යම් අපරාධයක් සිදුකර ඇත්ද යන්න පිළිබදව වැඩිදුර විමර්ශණයක් සිදුකරන බවයි.
Share This Article