මහත්තයා මට සල්ලි එපා කන්න මොනවා හරි අරං දෙන්න - බාගයක් කාලා ඉතුරු බාගේ තියාගන්නම්ද?
බඩගින්න තමයි මේ ලෝකේ ඉවසගන්නම බැරිම ගින්න. සමහරු ජීවත්වෙන්න කනවා, සමහරු කන්න ජීවත්වෙනවා. ඒ අතරින් මුහුණු පොතේ සංවේදී සටහනක් අපට වාර්තා වුණා.
එම සංවාදය පහතින්..
අද මම වාහනේ ඉන්නකොට එකපාරටම මහත්තයා මහත්තයා කියලා කතා කරනවා ඇහුනා.
"ඔව් ඇයි"...
"මහත්තයා මට සල්ලි එපා කන්න මොනවා හරි අරං දෙන්න මහත්තයා. ඉයේ ඉදලා කාලා නැ"...
"හයියෝ ඇයි ඒ? ගෙදර ගියේ නැද්ද"?
"මට ගෙදරක් නැ මහත්තයා මන් ඉන්නේ පාරේ ගෙදරින් මාව ගන්නෙ නෑ.
මට සල්ලි එපා මට කන්න කැම එකක් අරන් දෙන්න මහත්තයා"...
පව් මන් කඩෙට ගිහින් කැම එකක් අරන් දුන්නා
"මහත්තයා, මන් බාගයක් කාලා ඉතුරු බාගේ තියාගන්නම්ද"...
"ඇයි ඒ" ??
"දවල්ට කන්න මහත්තයා"...
"නැ සේරම ටික බඩ පිරෙන්න කන්නකෝ. මන් දවල්ට කන්න තව එකක් අරන් දෙන්නම්"..
"පිං සිද්ද වෙනවා මහත්තයා".
පව් මේ වගෙ වේලක් කන්න විදියක් නැති මිනිස්සු ඕන තරම් ඉන්නවා. අපි හැමොම මැරෙන මිනිස්සු. මේ වගෙ කෙනෙක් මුන ගැහුනොත් අහක බලන් යන්න එපා පුලුවන් විදියට උදව් කරන්න.