අම්මාගෙයි දුවගෙයි ඇඳුම් සොරකම අතේ පත්තු වෙයි
Wednesday, 12 February 2020 - 8:32 | Views - 1,590
බොරලැස්ගමුව පොලිසිය ආසන්නයේ පිහිටි සුපිරි නිමිඇඳුම් වෙළෙඳ සලක නිමි ඇඳුම් සොරා ගෙන යමින් සිටි මවක හා දියණියක එම වෙළෙඳසල් හිමිකාරිනිය ඇතුළු පිරිස විසින් අල්ලා ගැනීමෙන් පසු එම දෙදෙනා අදාළ පිරිසට තර්ජනය කර එහි තිබූ පොල්ලකින් එම හිමිකාරිනියට පහරදී එහි දේපොළවලට රුපියල් ලක්ෂයක පමණ අලාභහානියක් කර තිබේ.
 
 පෙරේදා (10 ) දහවල් 12.30ට පමණ මෙම මව හා ඇයගේ දියණිය අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.
 
 පහරකෑමෙන් පාදයකට හානි සිදුවූ වෙළෙඳසැල් හිමිකාරිනිය කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ.
 
 සැකකාර මව හා දියණිය අදාළ වෙළෙඳසලෙන් නිමි ඇඳුම් මිලදී ගන්නා මුවාවෙන් පැමිණ ටික වේලාවක් වෙළෙඳසල තුළ සිට ඇත.
 
 ඔවුන්ගේ සැකසහිත හැසිරීම හා එක් වරම වෙළෙඳ සලෙන් ඉවත්ව යෑම ගැන සැක සිතූ එම වෙළෙඳසල් සේවිකාවක වහා එළියට ගොස් අදාළ මවගේ බෑගය පරීක්ෂා කර බැලීමට අවශ්‍ය බව කියා තිබේ.
 
 එහිදී එම මව එම ස්ථානයේදී බෑගය පරීක්ෂා කිරීමට ඉඩ දිය නොහැකි බව වෙළෙඳ සල් සේවිකාවට පවසා තිබේ.
 
 පසුව එම සේවිකාව මව හා දියණිය වෙළෙඳසලට කැඳවා ගෙන පැමිණ ඇති අතර, එහිදී ඔවුන්ගේ බෑගය පරීක්ෂාවට ලක් කිරීමේදී එම වෙළෙඳසලෙන් සොරා ගන්නා ලද නිමි ඇඳුම් තිබී හමුවී තිබේ.
 
 එහිදී වෙළෙඳසල් හිමිකාරිනිය මේ ගැන පොලිසියට පැමිණිලි කිරීමට ජංගම දුරකථනයෙන් ඇමතුමක් ලබා ගැනීමට උත්සාහ කිරීමේදී සැකකාර මව එය බලෙන් ලබා ගෙන ජංගම දුරකථනය ද පොළොවේ ගසා ඇතැයි ද හෙළිවී තිබේ.
 
 අනතුරුව එම සැකකාර මව එහි තිබූ පොල්ලක් රැගෙන වෙළෙඳසල් හිමිකාරිනියට සහ එහි ඉදිරිපස වීදුරුවලට, රූපලාවන්‍ය කට්ටලවලට අලාභහානි සිදුකර ඇතැයි පොලිසිය කියයි.
 
 සැකකාර මව සහ දියණිය නුගේගොඩ මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 බොරලැස්ගමුව පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඛාන් සමන්ත වීරසිංහ මහතාගේ උපදෙස් මත නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ සිදු කරති.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top