14 හැවිරිදි දැරිය දූෂණය කළ 17 හැවිරිදි සැකකරු අත්අඩංගුවට
Wednesday, 12 February 2020 - 8:30 | Views - 852
වයස අවුරුදු 14යි මාස 04ක බාල වයස්කාර දැරියක දූෂණය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අවුරුදු 17ක තරුණයකු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මෙම දැරියගේ මව රැකියාවක් සඳහා මීට අවුරුදු දෙකකට පමණ පෙර විදෙස් ගතව ඇත.

පියා තම බිරිය හා දරුවන් අත්හැර ගොස් වසර 04ක් පමණ ගතව ඇත. දැරිය හැදී වැඞී ඇත්තේ සිය මිත්තනියගේ රැකවරණය යටතේය. ඒ අතරතුර කාලයේ දී දැරිය 06 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිටියදී තිබූ පේ‍්‍රම සම්බන්ධතාවයක් අනුව තරුණයකු මිත්තනියගේ නිවෙසට කැඳවා ගෙන රහසිගත සම්බන්ධයක් පවත්වා ගෙන ගොස් ඇත. එහි ප‍්‍රතිඵලයක් ලෙස දැරිය ගැබ්ගෙන ඇත. මෙම සිද්ධිය දැනගත් තරුණයාගේ පියා දැරිය මරණ බවට තර්ජනය කිරීමත් සමගම ඇය වැවකට පැන සිය දිවි හානි කර ගැනීමට උත්සාහ ගනිද්දී අසල්වාසීන් විසින් 119 හදිසි අංකයට දැනුම් දී අනතුර වළක්වා ඇත. අනතුරුව පොලිස් නිලධාරීන් පැමිණ දැරිය සිය භාරයට ගෙන සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
 
 සැකකරු ඊයේ (11) දඹුල්ල මහෙස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. දැරිය ද ඊයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.
 
 ගලේවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක රුක්ෂාන්ත පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උ.පො.ප ශානිකා රණසිංහ මහත්මිය පරීක්ෂණ පවත්වයි.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top