කොළඹ වායු දූෂණය යළි ඉහළට
Wednesday, 12 February 2020 - 8:13 | Views - 450
කොළඹ නගරය ආශ්රිත වායුගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය මේ දිනවල යළිත් වරක් ඉහළ ගොස් ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසනවා.
එහි ජ්‍යෙෂ්ඨ විද්‍යාඥ සරත් ප්‍රේමසිරි සඳහන් කළේ කොළඹ නගරයේ මෙන්ම මහනුවර නගරයේත් මෙම තත්ත්වය දක්නට ලැබෙන බවයි.
පවතින වියලි කාලගුණික තත්ත්වය අනුව තවත් දින කිහිපයක් මෙලෙස වායු ගෝලයේ දූවිලි අංශු ප්‍රමාණය ඉහළ යෑමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.
ඇමරිකානු වායු ගුණ තත්ත්ව දර්ශකයට අනුව සාමාන්‍ය වායු ගෝලයක දූවිලි අංශ ප්‍රමාණය සියයට 50 ත් 60 ත් අතර අගයක් ගන්නා නමුත් කොළඹ සහ මහනුවර නගරවල මේ දිනවල එම ප්‍රමාණය 120 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
Share This Article