ප්‍රදේශයටම විෂබීජ පතුරුවන කුරුණෑගල ශික්ෂණ රෝහලේ සායනික අපද්‍රව්‍ය කන්ද
Tuesday, 11 February 2020 - 21:40 | Views - 527
රෝහලක් යනු ජනතාවගේ රෝග නිවාරණ මධ්‍යස්ථානයක් මිස ජනතාවට රෝග පතුරුවන මර්මස්ථානයක් නොවිය යුතු බව අමුතුවෙන් කිවයුතු කාරණයක් නොවේ.

එහෙත් කුරුණෑගල ශික්ෂණ රෝහල මේ වනවිට අවට ප්‍රදේශයට විෂබීජ පතුරුවා හරින කේන්ද්‍රස්ථානයක් වී ඇති බව හිරු සී.අයි.ඒ.අනාවරණය කර ගත්තා.

එම රෝහලේදී ශල්‍ය කර්මවලට ලක් කෙරෙන ළදරුවන් හා කාන්තාවන් නේවාසික ප්‍රතිකාර සඳහා යොමුකරන වාට්ටු අංක 28 ඉදිරිපිට දර්ශනද අපවෙත ලැබී තිබෙනවා.

එහිදී අඩි ගානක් උසට ගොඩ ගසා ඇත්තේ විවිධ ශල්‍යකර්ම කිරීමෙන් අනතුරුව ඉවත් කරනා ලේ තැවරුණු ගෝස්, පුළුන් ආදී සායනික අපද්‍රව්‍ය අපට දැකගත හැකිවූවා.

සති ගණනක් පුරා මෙලෙස සායනික අපද්‍රව්‍ය ගොඩ ගැනීම නිසා ජනතාවට මේ අසළින් යෑමට නොහැකි මට්ටමට අවට ප්‍රදේශය පුරා පැතිරී ඇත්තේ දැඩි දුගදක්.

හිරු සී.අයි.ඒ.කළ ගවේෂණයේදී අනාවරණය වුයේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ස්ථාපිත සායනික අපද්‍රව්‍ය පුළුස්සන දහනාගාරයේ පවතින දෝෂයක් හේතුවෙන් මෙම ගැටලුකාරී තත්ත්වය මතුව ඇති බවයි.

දිනපතා මෙම අපද්‍රව්‍ය කඳු අසල ගැවසෙන සුනඛයන් මෙහි ඇති අපවිත්‍ර ද්‍රව්‍ය රෝහල පුරා තැන තැන ගෙන ගොස් දමන අයුරු ද හිරු සී.අයි.ඒ.කැමරා කාචයේ සටහන් වූවා.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ විවෘත භූමි පරිශ්‍රය මෙලෙස විෂබීජ පතුරුවන මර්මස්ථානයක් බවට පත්වන තෙක් මෙහි පරිපාලකයන් තවදුරටත් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම විමතියට කරුණක්.
 
මේ සායනික අපද්‍රව්‍ය ගැටලුව ඇතුගල මත පිහිටි බුදුරුවත් වැසී යනතෙක් දිග්ගැස්සෙන තුරු බලධාරීන් බලා සිටින්නේ ද..?

මෙයට වහා විසඳුමක් ලබාදෙන තෙක් හිරු CIA අවදියෙන්.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top