තිස් වසරකට පසු ඉන්දියාවට පූර්ණ එක්දින තරගාවලි පරාජයක්
Tuesday, 11 February 2020 - 20:27 | Views - 516
තිස් වසරකට පසු එක්දින තරගාවලියකදි පුර්ණ තරගාවලි පරාජයට මුහුණදීමට ඉන්දීය කණ්ඩායමට අද සිදුවුණා.
ඒ, නවසීලන්තය සමඟ පැවති තුන්වන සහ අවසන් එක්දින තරගයෙන්ද කඩුලු 5 ක පරාජයක් හිමිවීමත් සමඟයි.
තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාව නියමිත පන්දු වාර පනහ අවසානයේ කඩුලු 7 ක් දැවී ලකුණු 296 ක් රැස් කළ අතර, නවසීලන්ත කණ්ඩායම පන්දු වාර 47 යි පන්දු එකකදී කඩුලු 5 ක් පමණක් දැවී ලකුණු 300 ක් ලබා තරගය ජයග්‍රහණය කළා.
Share This Article