කොරෝනා ආසාදිතයින් වාර්තාවීම සියයට විස්සකින් පහළට
Tuesday, 11 February 2020 - 19:25 | Views - 439
නව කොරෝනා ආසාදිතයන් වාර්තාවීම සියයට 20 කින් පමණ පහළ ගොස් ඇති බව චීන ජාතික සෞඛ්‍ය කොමිසම පවසනවා.

කෙසේ වෙතත් මියගිය සංඛ්‍යාව මේ වනවිට 1018 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් මරණ 103 ක්ම ගතවූ පැය 24 තුළ වාර්තාවීම විශේෂත්වයක්.

එසේම කොරෝනා වෛරසය ආසාදනය වී දිනක් තුළ 100 වැඩි පිරිසක් මියගිය ප්‍රථම අවස්ථාවද මෙයයි.

ඒ අනුව හුබෙයි සෞඛ්‍ය කොමිසමේ ප්‍රධානියා සහ ලේකම්වරයා ඇතුලු ප්‍රධානීන් කිහිපදෙනෙකු තනතුරුවලින් ඉවත් කිරීමට චීන රජය පියවර ගෙන තිබුණා.  

එසේම වූහාන් නගරය වසාදමා අදට දින විස්සක් ගතවනවා.

මේ අතර ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥ කණ්ඩායමක්ද චීනයට ළඟාවී ඇති අතර, එහි අධ්‍යක්‍ෂ ජනරාල් වෛද්‍ය ටෙඩ්‍රොස් ප්‍රකාශ කර ඇත්තේ වෛරසයේ ව්‍යාප්තිය විමර්ශනය කිරීම සඳහා ඔවුන්ට පූර්ණ බලය පවරා ඇති බවයි.

කෙසේ වෙතත් ඉදිරියේ උදාවන උණුසුම් කාලගුණයත් සමඟ මාරාන්තික නව කොරෝනා වෛරසයේ අවදානම පහව යනු ඇති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර ඇතැයි විදෙස් වාර්තාවල දැක්වුණා.   
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top