අධික උෂ්ණත්වය නිසා පාසල් දරුවන් දිවාකාලයේ ව්‍යායාම්වලට යොමු නොකරන්නැයි උපදෙස්
Tuesday, 11 February 2020 - 19:07 | Views - 491
මේ දිනවල පවතින අධික උෂ්ණත්වය හේතුවෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීම සඳහා යෝග්‍ය ක්‍රියාමාර්ග කිහිපයක් සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් අධ්‍යාපන අමාත්‍යාංශයට නිර්දේශ කර තිබෙනවා.

ඒ අනුව උෂ්ණත්වය වැඩිවන පෙරවරු 11 සිට පස්වරු 3.30 දක්වා පාසල් ළමයින් එළිමහනේ අධික දහදිය දමන ව්‍යායාමවලට යොමු නොකරන ලෙසයි උපදෙස් ලබාදී ඇත්තේ.  

එසේම තොප්පි පැළඳීම, හැකි සෑම විටම කුඩයක් භාවිත කිරීම, සැහැල්ලූ ඇඳුම් ඇඳීම වැනි ක්‍රියාමාර්ග කිහිපයක්ද ඔවුන් ඊට අදාළව නිර්දේශ කර තිබෙනවා.

පවත්නා අධික උෂ්ණත්වය හේතුවෙන් ආතතිය, මස්පි`ඩු පෙරලීම, සිහිසුන්වීම, හෘද රෝග සහ පෙණහළු රෝග වැනි නිධන්ගත රෝග උත්සන්නවීමත් දක්නට ලැබෙන බවත්, එවැනි සංකූලතා ඇතිවන අවදානම් කණ්ඩායමක් ලෙස ළමයින් හඳුනාගෙන ඇති බවත්, සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඒ අනුව නිතර නිතර ජලය පානය කිරීම, සීනි අධික බීම භාවිතයෙන් වැළකීම, අධික රස්නය ඇති විට මුහුණ සහ අත් තෙත් කිරීම වැනි ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසටද සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් ලබාදෙනවා.

පාසල් තුළ බීමට ජලය ප්‍රමාණවත් පරිදි සපයා, ප්‍රථමාධාර කණ්ඩායම් පුහුණුකර, ගුරුවරුන් මෙන්ම සිසුන්ද දැනුවත් කිරීමට පියවර ගත යුතු අතර, රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුව වනතෙක් පාසල් එවීමෙන් වළකින ලෙස දෙමාපියන් දැනුවත් කිරීමටද පියවර ගත යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය අධ්‍යාපන අමාත්‍යාංශය වෙත නිකුත් කළ නිර්දේශවල සඳහන්.

සංකූලතාවන්ගෙන් පාසල් දරුවන් ආරක්ෂා කරගැනීමට අවදානයෙන් පසුවන්න

නිතර නිතර ජලය පානය කිරීම,
සීනි අධික බීම භාවිතයෙන් වැළකීම,
එළිමහනේ සිටින විට ඔලුව වැසෙන සේ තොප්පි පැළඳීම,
එළිමහනේ ගමන්කරන සෑමවිට ම කුඩයක් පාවිච්චි කිරීම,
අනවශ්‍ය පරිදි එළිමහනේ ගැවසීම අවම කිරීම,
ලා පැහැති සැහැල්ලු ඇඳුම් ඇඳීම,
අධික රස්නය ඇතිවිට මුහුණේ සහ අත්වල වතුර ගෑම,
දෛනික ව වඩාත්ම උෂ්ණත්වය වැඩි වන කාල පරාසය වන පෙ.ව. 11.00 හා ප.ව. 3.00, 3.30 තුළ එළිමහනේ අධික දහඩිය දමන ව්‍යායාම නොකිරීම,
පාසල තුළ බීමට ජලය ඇති පමණ සපයා තිබීම,
හැකිනම් කඩදාසිවලින් සෑදූ අවානක් රැගෙන ඒමට උපදෙස් දීම,
විශේෂයෙන් ම පාසල්වල ප්‍රථමාධාර කණ්ඩායම් මේ සම්බන්ධ ව දැනුවත් කර හා පුහුණු කර තිබීම,
ළමුන් හා ගුරුවරුන් ද දැනුවත් කිරීම,
සෞඛ්‍ය ගැටළු මූලික අවස්ථාවේ දී ම හඳුනාගනිමින් ප්‍රථමාධාර ලබාදීම හා ගැටළුසහගත අවස්ථාවල දී වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කිරීම,
ශරීරය වියළීම වළක්වා සිසිල් කරගැනීමට පන්ති මට්ටමෙන් ජල බඳුන් තැබීම,
පන්ති කාමර සඳහා වාතාශ්‍රය හොඳින් ලැබීමට දොර ජනෙල් විවෘත ව තැබීම,
රෝගී තත්ත්වයන් සහිත දරුවන් සුව වන තෙක් පාසලට නොඑවීමට දෙමාපියන් දැනුවත් කිරීම ට ද පාසල් මට්ටමින් පියවර ගැනීම,
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top