මම බලාපොරොත්තු වෙනවා ළඟදීම මුම්බායිවලට ඇවිත් මගේ ‘අම්මා’ ව මුණ ගැහෙන්න- ඓශ්වර්යාගේ අද්භූත පුත්‍රයා යළිත් කර­ළි­යට
Tuesday, 11 February 2020 - 15:13 | Views - 3,531
බොලිවුඩ්පුරයට පමණක් නොවෙයි. මුළු ලොවටම රැජනක් වී කිරුළු පැළඳි ඓශ්වර්යා රායි යළි වතාවක් පුත්‍රයකුගේ මවක් බවට පත් වෙලා ! පුංචි පුතෙකුගේ නොවෙයි.

වයස 32ක තරුණයෙකුගේ. මෙය සිදුවිය හැකි දෙයක් ද ? තමන් ඓශ්වර්යාගේ පුත්‍රයා යැයි පවසන්නේ ඉන්දියාවේ මැංගලෝර් නුවර පදිංචි සංගීත් කුමාර් නම් වූ තරුණයායි.

ඔහු මීට වසර දෙකකට පෙරත් මේ අයිතිවාසිකම ප්‍රසිද්ධියේ කියා පෑවා. නමුත්, ඔහුගේ කතාව මුළුමනින්ම ප්‍රතික්ෂේප කළ ඓශ්වර්යා, තමන්ට එවැනි පුත්‍රයෙකු නොසිටියේ යැයි අවධාරණය කළා. සංගීත්ගේ කතාවත් මැකී ගියා.
පසුගිය දා ඔහු යළිත් ඒ කතාව ප්‍රකාශ කළේ කිසිදු බියකින් සැකයකින් තොරවයි.

මීට වසර 32 කට පෙර ලන්ඩන් නුවර පරීක්ෂණාගාරයක IVF ක්‍රමය භාවිතා කර වෙනත් කාන්තාවකගේ කුස තුළ පිළිසිඳගත් තමන් මෙලොවට බිහි වූ බව ඔහු කියා සිටිනවා.

එලෙස බිහි වුවද තමන්ගේ මව ඓශ්වර්යා රායි බවයි ඔහු පවසන්නේ. පියා කවුරුන්දැයි ඔහුගෙන් ප්‍රකාශ වන්නේ නැහැ.

මේ අමුතු කතාව සංගීත් විසින් පවසන ලද වීඩියෝව මේ වන විට සමාජ මාධ්‍ය ජාලා වලටත් මුදා හැර තිබෙනවා. ඔහු ඒ බව ප්‍රකාශ කරන්නේ සම්මුඛ සාකච්ඡාවකදී පිළිතුරු දෙන ආකාරයෙන්.

සංගීත් කියන ආකාරයට ඔහු ඉපදී ඇත්තේ 1988 දී. ඒ වන විට ඓශ්වර්යා ගේ වයස අවුරුදු 15ක්. එවැනි වයසකදී ඓශ්වර්යා මවු පදවිය ලැබූ පසුව සංගීත්ව වෙනත් කොහේදෝ පළාතකට ගෙන ගොස් තිබෙනවාලු.

“මට අවුරුදු 2ක් විතර වෙනතුරු මාව ඓශ්වර්යාගේ අම්මයි තාත්තයි රැක බලාගෙන තියෙනවා. ඊට පස්සේ මගේ තාත්තා (වඩිවේලු රෙඩ්ඩි) මාව ඉන්දියාවෙ විශාඛාපට්නම් කියන පළාතට ගෙනිහින්”

සංගීත්ගේ කතාව එතැනින් නවතින්නේ නැහැ. ඔහු ඊට තවත් ආරලු - බුරුලු එකතු කරනවා...

“මගේ නෑදෑයෝ මගේ උප්පැන්න සහතික ඔක්කෝම විනාස කරලා. ඒව තමයි මට තිබුණු හොඳම සාක්ෂි.

මම බලාපොරොත්තු වෙනවා ළඟදීම මුම්බායිවලට ඇවිත් මගේ ‘අම්මා’ ව මුණ ගැහෙන්න. මට මේව කියල කාගෙන්වත් සල්ලි ගන්න වුවමනාවක් නැහැ.

නමුත් මට ඕනෙ මගේ අම්මා එක්ක ජීවත් වෙන්නයි. මට මගේ අම්මාව පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මට අහිමි වෙලයි හිටියේ.

මගේ තාත්තා, වඩිවේලු රෙඩ්ඩි මාව විශාඛාපට්නම් වලට අරගෙන ගියාට පස්සෙ මාව අතහැරලා දැම්මා. මට සලකන්න කවුරුවත් හිටියෙ නැහැ”.
සංගීත්ගේ මේ අරුම පුදුම ප්‍රකාශය මීට වසර දෙකකට පෙරදී මෙන් අදත් ඉන්දියාවේ රසික පිරිස් විසින් උපහාසයට ලක්කරමින් බැහැර කර තිබෙනවා.

ඓශ්වර්යා හෝ ඔහුගේ දෙමවුපියන් හෝ මේ ගැන කිසිදු ප්‍රකාශයක් මෙතෙක් සිදු කර නැහැ. මේ පිළිබඳව අදහස් දක්වන ඉන්දීය මනෝ චිකිත්සකයන් කිහිප දෙනෙකු පවසන්නේ මේ පුද්ගලයා කිසියම් මානසික ආබධයකින් පෙ‍ෙළන්නෙකු බවයි.

ඓශ්වර්යා ගේ සැමියා, අභිෂේක් භච්චන් ද මේ අමුතු කතාවට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැහැ. ඔහු ඓශ්වර්යාව විවාහ කර ගෙන ඇත්තේ 2007 දී.

මේ වන විට ඔවුන් දෙදෙනාට අට හැවිරිදි දියණියක (ආරධ්‍යා) සිටින බව ලොවම දන්නවා. තවමත් රංගන ක්ෂේත්‍රයේ දිදුලන තරුවක් වී සිටින ඓශ්වර්යාට නාඳුනන පුද්ගලයන්ගේ අභූත චෝදනාවලට ප්‍රතිචාර දක්වන්න තරම් කාලයක් ඉතිරි වී නැහැ.

විශේෂයෙන්ම තමන්ගේ සුරතල් දියණියගේ කටයුතුවලටත් යොමු වීමට ඓශ්වර්යා අතපසු නොකරන බව ප්‍රකට කාරණයක්. දියණිය ආරධ්‍යාගේ පාසලේ පැවැත්වෙන විශේෂ උත්සව අවස්ථාවන්ට ඇය අභිෂේක් සමඟ සහභාගිවෙනවා.

මෑතකදී එම පාසැලේ පැවති විවිධ ප්‍රසංගයට පුංචි ආරධ්‍යා සහභාගි වුණා. දියණියගේ හපන්කම් බැලීමට අභික්ෂේක් - ඓශ්වර්යා යුවළ පැමිණ සිටියා.

ප්‍රසංගයේ එක් අංගයකට සාම්ප්‍රදායික ඉන්දීය සාරියකින් සැරසී හිසට මල් පළඳාගෙන පෙනී සිටි පුංචි ආරධ්‍යා මෙලෙස ප්‍රකාශ කළේ එක්තරා චරිතයකට ආරූඪ වෙමින්....

“මම කන්‍යා. මම තමයි අලුත් ලෝකයේ සිහිනය. අපි හැමෝම අලුත් ලෝකය වෙනුවෙන් පිබිදෙමු. අපව ආරක්ෂා කරන, අපට ගෞරව කරන, අපට ආදරය කරන ලෝකය වෙනුවෙන් පිබිදෙමු.

මේ අලුත් ලෝකයේදී අපේ හඬ නූගතුන් සහ අහංකාර පුද්ගලයන් ඉදිරියේ නිහඬ නොවේවි. නමුත් ප්‍රඥාව ඉදිරියේ සවන් යොමු කරමු.”

දිනමිණ

Image result for aishwarya rai  son
Image result for aishwarya rai
Image result for aishwarya rai

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top