වරායේ රැකියා දහසක් ඇති බවට පලවූ වාර්තාවේ ඇත්ත නැත්ත
Tuesday, 11 February 2020 - 14:54 | Views - 647
ශ්‍රී ලංකා වරාය අධිකාරියේ නව බඳවාගැනීම් සිදුවන බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරයන ප්‍රචාරයන්හි කිසිදු සත්‍යතාවක් නොමැති බව වරාය හා නාවික කටයුතු අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ පවසනවා.

මේ වනවිට එම අධිකාරිය සතුව දැනට පුරප්පාඩු නොමැති බවයි නිවේදනයක් නිකුත් කරමින් ලේකම්වරයා වැඩිදුරටත් පවසන්නේ.

කෙසේවෙතත් කළමනාකරණ ශ්‍රේණි කිහිපයක නිලධාරීන් වසර මැද විශ්‍රාම යාමට නියමිතව ඇති බවත් ඉන් පුරප්පාඩු වන තනතුරු සඳහා නිලධාරීන් බඳවාගැනීම ප්‍රසිද්ධ පුවත්පත් දැන්වීම් පළකිරීමෙන් අනතුරුව බඳවා ගැනීමේ පටිපාටියට අනුව සිදුවන බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

මේ වනවිට ශ්‍රී ලංකා වරාය අධිකාරියේ පුරප්පාඩු දහසකට ආසන්න ප්‍රමාණයක් සඳහා බඳවාගැනීම් සිදුවන බවට සමාජ මාධ්‍ය හරහා මේ වනවිට විවිධ අසත්‍ය ප්‍රචාර සිදුවෙමින් පවතින බවයි වාර්තා වන්නේ.

ඒ අනුව එම සමාජ මාධ්‍ය දැන්වීම් පිළිබඳව කිසිදු විශ්වාසයක් නොතබන ලෙසටයි එම අමාත්‍යංශයේ ලේකම් ප්‍රියන්ත මායාදුන්නේ ජනතාවගෙන් වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top