වැඩිම උෂ්ණත්වය කොළඹින්
Tuesday, 11 February 2020 - 14:33 | Views - 700
ඉදිරි දින කිහිපයේදී දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි සහ සුළං තත්ත්වය තරමක වැඩිවීමක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව, සබරගමුව, බස්නාහිර, නැගෙනහිර, ඌව පළාත් මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.
මේ අතර, අද පෙරවරු 8.30 න් අවසන් වූ පැය 24 තුළ වැඩිම උෂ්ණත්වය වන සෙල්සියස් අංශක 35 යි දශම 3 ක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබෙනවා.
Share This Article