'මේක හරිම කණගාටුදායකයි'- ගුවන්තොටුපළට ගිය පරිනීති චොප්රා කියූ කතාව
Tuesday, 11 February 2020 - 13:24 | Views - 1,248
ජනප්‍රිය බොලිවුඩ් නිළි පරිනීති චොප්රා ඊයේ තමන්ගේ ඉන්ස්ටර්ග්‍රෑම් ගිණුමට ටිකක් විශේෂ පින්තූරයක් එකතු කරලා තිබුනා. ඇය හිටියේ ගුවන්තොටුපලක. නිකන්ම නෙමෙයි ෆේස් මාස්ක් එකක් පැළඳගෙන. මේ දිනවල ලෝකය පුරාම කොරෝනා වෛරසය ගැන ලොකු බියකින් ඉන්න මේ වෙලාවේ ෆේස් මාස්ක් එකක් පැළඳීම ඒ තරම් ලොකු දෙයක් නෙමෙයි කියලා දැන් ඔබට හිතෙන්න පුළුවන්.

ඒ පින්තූරය හරහා පරිනීති කතා කරන්න උත්සහ කරලා තිබුනෙත් එකමයි. මේ දිනවල පවතින කොරෝනා වෛරස් අවධානම නිසා ෆේස්ක් මාස්ක් එකක් පැළඳීම අකමැත්තෙන් වුනත් කරන්න වෙලා තියනවා කියලා පරිනීති කියලා තියනවා. “මේක හරිම කණගාටුදායකයි, නමුත් මම හිතන්නේ දැන් තත්වය මේකයි. ඔබ සියලු දෙනාම ආරක්ෂිතව සිටින්න.” ඒ කොරෝනා අවධානම ගැන මතක් කරමින් ඇය තැබූ පණිවුඩයයි.  

රන්බීර් කපූර්, කර්තික් ආර්යන්, සනී ලියෝන් වැනි බොලිවුඩ් තරු කිහිපයක්ම පහුගිය දිනවල මේ හේතුව නිසාම ෆේස් මාස්ක් පැළඳීම ආරම්භ කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top