පාර්ලිමේන්තුව පැවැත්වෙන්නේ තව දින තුනයි
Tuesday, 11 February 2020 - 12:56 | Views - 677
කථානායක කරූ ජයසූරියගේ චරිතාපදානය ඇතුළත් කෘතිය කථානායකවරයා විසින් මැල්කම් රංජිත් කාදිනල් හිමිපානන් වෙත අද (11) පිළිගන්වනු ලැබුවා.
ඒ, කොළඹ අගරඳගුරු නිල නිවසේදීයි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ කථානායකවරයා සඳහන් කළේ වත්මන් පාර්ලිමේන්තුවේ කාලය අවසන්වීමට පෙර පැවැත්වීමට ඇත්තේ තවත් සභා වාර තුනක් පමණක් බවයි.
රටේ අවශ්‍යතාවය අනුව තමන් ඉදිරි කටයුතු සිදුකිරීමට බලාපොරොත්තුවන බවයි කථානායකවරයා වැඩිදුරටත් අදහස් දක්වමින් පවසා සිටියේ.
Share This Article