ගුවන්තොටුපොළ අවට ජීවත්වන පුද්ගලයින්ට විශේෂ දැනුම් දීමක්
Tuesday, 11 February 2020 - 12:05 | Views - 512
මේ වනවිට ලෝකය පුරා සීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවතින කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 1018 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
ඉන් 1016ක්ම චීනයෙන් වාර්තා වන අතර මේ වන විට ලොව පුරා ආසාදිත සංඛ්‍යාව 43,000 ඉක්මවා අවසන්.
ශ්‍රී ලංකාව තුලට පැමිණෙන කොරෝනා රෝගීන් හඳුනාගැනීමටත්, අවම කිරීමටත් සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් විවිධ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කර තිබෙනවා.
ඒ අතර විශේෂ වැඩපිළිවෙලක් කාටුනායක ගුවන්තොටුපොළේ ක්‍රියාත්මකයි.
මෙම ව්‍යාපෘතී තුළින් ගුවන්තොටුපල කාර්ය මණ්ඩලයට,ගුවන්තොටුපොළ පරිශීලිකයින්ට කොරෝනා රෝගය වැළඳීම ඇති ඉදිකඩ අවමකර ඇති බවයි කටුනායක ගුවන් තොටුපොළේ මගීන්ගේ සෞඛ්‍ය කටයුතු පිළිබද අධීක්ෂක වෛද්‍ය හේමන්ත හේරත් පවසා සිටියේ.
මේ හේතුවෙන් ගුවන්තොටුපොළ ආශ්රිත ප්‍රදේශවල ජීවත්වන පුද්ගලයින්ට මෙම රෝගය වැළඳීමට ඇති ඉඩ කඩ ඉතා අවම බවයි වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.
සමාජ මාධ්‍යවල ප්‍රචාරය වන අසත්‍ය ප්‍රචාර වලට නොරැවටී සෞඛ්‍ය අමාත්‍යංශය මගින් ලබාදෙන තොරතුරු මත පමණක් කටයුතු කරන ලෙසයි ඔහු මහජනතාව දැනුම් දෙන්නේ.
Share This Article