ඩේවිඩ් වෝනර් ඇලන් බෝඩර් පදක්කමෙන් තෙවන වතාවටත් පිදුම් ලබයි
Tuesday, 11 February 2020 - 11:31 | Views - 404
ඕස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු ඩේවිඩ් වෝනර් වසරේ ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයාට හිමි ඇලන් බෝඩර් පදක්කම මෙවර දිනා ගැනීමට සමත් වුණා.
ඒ මෙවර ඔස්ට්‍රේලියානු ක්‍රිකට් සම්මාන උළෙලේ දීයි.
ඩේවිඩ් වෝනර් මෙම සම්මානයෙන් පිදුම් ලැබූ තෙවැනි අවස්ථාව මෙය වනවා.
සම්මානය දිනා ගැනීමෙන් අනතුරුව ඩේවිඩ් වෝනර් ඉතා හැගීම්බරව අදහස් පල කිරීම විශේෂත්වයක්.
මේ අතර වසරේ ජාත්‍යන්තර 20යි 20 ක්‍රීඩකයා ලෙස ද ඩේවිඩ් වෝනර් සම්මාන හිමි කර ගත්තා.
Share This Article