ඉදිරි දින කිහිපයේදී වැසි වැඩිවීමක්
Tuesday, 11 February 2020 - 10:40 | Views - 501
වැසි සහ සුළං තත්ත්වයේ තරමක වැඩිවීමක් ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.
නැගෙනහිර, මධ්‍යම සහ ඌව පළාත් වලත් හම්බන්තොට, පොළොන්නරුව සහ මුලතිවු දිස්ත්‍රික්කවලත් වැසි ස්වල්පයක් ඇති විය හි බවයි එම දෙපාර්තමේන්තුව නිවේදනය කරන්නේ.
සබරගමුව පළාතේත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක අද (11) සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද උදෑසන නිකුත්කළ නිවේදනයේ දැක්වෙන්නේ.
උතුරු,නැගෙනහිර, උතුරු මැද සහ වයඹ පළාත්වලත් මොණරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කිලෝ මීටර් 40-50 පමණ දක්වා වැඩි විය හැකියි.
Share This Article