රටවල් රැසක් කොරෝනා වෛරස් පරීක්ෂණ පහසුකම් වැඩි කරයි
Tuesday, 11 February 2020 - 9:58 | Views - 418
කොරෝනා වෛරසය ලෝක ව්‍යාප්ත වීමත් සමඟ රටවල් රැසක් වෛරසයේ ආසාදිතයන් හඳුනා ගැනීම සඳහා පහසුකම් වැඩි කිරීමට පියවර ගෙන ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
රෝග විනිශ්චය සිදුකිරීම මෙන්ම නිරෝධායන කටයුතු සඳහා මෙවැනි මධ්‍යස්ථාන පිහිටුවීමට සංවර්ධනය වෙමින් පවතින රටවල් පරිශ්‍රමයක නිරත වන බවයි එමගින් සඳහන් කළේ.
කෙසේ නමුත්, එම පරීක්ෂණ පහසුකම් අත්හදා බැලීම සඳහා අවශ්‍ය වන වෛරස් සාම්පල හිඟයක් පවතින බව ද ලෝක සෞඛ්‍ය සංවිධානය සඳහන් කළා.
මේ වන විට කොරෝනා වෛරසයෙන් මිය ගිය සංඛ්‍යාව 1018 දක්වා ඉහළ ගොස් ඇති අතර, ඉන් 1016ක්ම වාර්තා වන්නේ චීනයෙන්.
ලොව පුරා ආසාදිත සංඛ්‍යාව මේ වන විට 43,000 ඉක්මවා අවසන්.
ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශ කළේ මේ වන විට අප්‍රිකාවේ සියළුම රටවල් කොරෝනා වෛරස් ආසාදනය හඳුනා ගැනීමට හැකියාව ලබා ඇතැයි විශ්වාස කරන බවයි.
Share This Article