කොරෝනා මරණ දහස ඉක්මවයි - පැය 24ක් තුළ මරණ 103ක්
Tuesday, 11 February 2020 - 8:59 | Views - 500
නව කොරෝනා වෛරසය හේතුවෙන් සිදුව ඇති මරණ සංඛ්‍යාව මේ වන විට දහස ඉක්මවා තිබෙනවා.

ගත වූ පැය 24 තුළ චීනයේ හුබෙයි ප්‍රාන්තයෙන් මරණ 103ක් වාර්තා වී ඇති අතර එය දිනක් තුළ වාර්තා වූ වැඩිම මරණ සංඛ්‍යාවයි.

ඒ අනුව කොරෝනා වෛරසයෙන් චීනයේ මිය ගිය සංඛ්‍යාව 1011ක් වන අතර ලොව පුරා එම සංඛ්‍යාව 1013ක් වනවා. චීනයේ ආසාදිත සංඛ්‍යාව ද පැය 24ක් තුළ 2097කින් ඉහළ ගොස් ඇති අතර, එරට මුළු ආසාදිත සංඛ්‍යාව 42,200 ඉක්මවා තිබෙනවා.

හුබෙයි ප්‍රාන්තයේ අගනුවර වූ වූහාන් නුවර වන සත්ත්ව මස් වෙළඳපොළින් බිහි වූ බව සැලකෙන කොරෝනා වෛරසය දැන් ලොව පුරා රටවල් 25කට වැඩි සංඛ්‍යාවකට මෙන්ම සුඛෝපභෝගී නෞකා වලට ද පැතිරී අවසන්.

මේ අතර, චීන ජනාධිපති ෂී - ජින්පින් ඊයේ බීජිං නුවර දී කොරෝනා වෛරසයට ප්‍රතිකාර කරන වෛද්‍යවරුන්, සෞඛ්‍ය සේවකයන් මෙන්ම රෝගීන් ද හමුවී ප්‍රකාශ කර ඇත්තේ වෛරසය තවදුරටත් පැතිරීම වැළැක්වීමට පියවර ගත යුතු බවයි.

එමෙන්ම, ලෝක සෞඛ්‍ය සංවිධානයේ විශේෂඥයින් පිරිසක් ඊයේ සන්ධ්‍යාවේ චීනයට පැමිණි අතර, 2014 - 2016 අප්‍රිකානු එබෝලා වෛරස් වසංගතය සම්බන්ධයෙන් කටයුතු කළ වෛද්‍ය විශේෂඥ බෲස් අයිල්වාඞ් එහි ප්‍රධානත්වය දරනවා.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් ඇඩනම් පසුගිය ජනවාරි මාසයේදී චීනයේ සංචාරය කරමින් ජනාධිපති ෂී - ජින්පින් හමුවී සාකච්ඡා කළ අතර එහි ප්‍රතිඵලයක් ලෙසයි මෙලෙස ජාත්‍යන්තර විශේෂඥයන් කණ්ඩායමක් චීනයට පැමිණ ඇත්තේ.

මේ අතර, අප්‍රේල් මාසයේ උණුසුම් කාලගුණය සමඟ කොරෝනා වෛරසය මිහිපිටින් අතුරුදන් වනු ඇතැයි ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිදුකළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් ඇමරිකානු වෛද්‍ය විශේෂඥයන් විෂම මත පළ කර තිබෙනවා.

කොරෝනා වෛරසය සම්බන්ධයෙන් ඇති වී තිබෙන කතාබහත් සමඟ එම සැකය සහ බිය හේතුවෙන් දිවයින පුරා රෝහල්වලට පුද්ගලයින් 170 දෙනෙකු පමණ ප්‍රතිකාර සඳහා ඇතුළත් වී ඇති බව වසංගත රෝග විද්‍යා අංශය පවසනවා.

එහි ප්‍රධාන වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය සුදත් සමරවීර හිරු ප්‍රවෘත්ති අංශයට සදහන් කළේ ජනතාව මේ සම්බන්ධයෙන් බියක් ඇති කර ගත යුතු නොමැති බවයි.

ඊට අදාළ සියළුම සෞඛ්‍ය අංශ ඒ පිළිබදව අවධානයෙන් පසුවන බව ද ඔහු කියා සිටියා.

මේ අතර, මෙරටින් වාර්තා වූ පළමු කොරෝනා වෛරසය ආසාදනය වූ චීන ජාතික කාන්තාව තවදුරටත් අයි.ඞී.එච්. හෙවත් ජාතික බෝවන රෝග විද්‍යායතනයේ නේවාසිකව ප්‍රතිකාර ලබනවා.

ඇය සම්බන්ධයෙන් සිදුකළ ජෛව සාම්පල වාර්තාවක් ද පරීක්ෂණ සඳහා හොංකොං වෙත යැවීමටයි බලධාරීන් කටයුතු කර තිබුණේ.
Share This Article
Hiru Tv Blog
ඌරන් අතර අතිශය වේගයෙන් ව්‍යාප්ත විය හැකි...
Hiru Tv Blog
බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රිය මෙන්ම තරුණියන්ගේ දැඩි ආකර්ෂණය දිනාගත් රංගන...
Hiru Tv Blog
සෝෂල් මීඩියාවල කාගෙත් දැඩි ආදරය දිනාගත් සුන්දර කැදැල්ලක් වන මේනක රාජපක්ෂ සහ...
Hiru Tv Blog
අපේ රටේ කලා ක්ෂේත්‍රය තුළ තමන්ටම ආවේණික වූ රංගන හැකියාවකින් සහ සොඳුරු සිනාවකින්...
Hiru Tv Blog
ලොව පුරා මිලියන 430කට අධික පිරිසක් දෛනිකව භාවිතා කරන මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගමේ...
Hiru Tv Blog
ඉන්දීය ප්‍රකෝටිපති ව්‍යාපාරිකයකු විසින් සංවර්ධනය කරනු ලබන, මොළයට රුධිරය ගලා...
Hiru Tv Blog
ටෙස්ලා ආයතනය විසින් පියාඹන හැකියාව සහිත බව පවසන නව මෝටර් රථයක් හඳුන්වා දීමට...

පුංචි අන්දරේ

අකුරට යන වෙලාවේ

දිවිතුරා

සංසාරිණී

රැල්ල වෙරළට ආදරෙයි

Hiru News

Top