හන්තාන තවමත් ඇවිලේ - නිවන්න පොලීසි 3ක්
Tuesday, 11 February 2020 - 8:55 | Views - 605
මහනුවර - හන්තාන කන්දේ බෑවුමක් වන මහකන්ද රක්ෂිතයේ හටගෙන ඇති ගින්න තවදුරටත් පවතින බව පොලීසිය පවසනවා.
ගින්න නිවා දැමීම සඳහා බල ප්‍රදේශ 3ක පොලිස් ස්ථාන, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සහ වනසංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මෙන්ම යුද හමුදාව ද එක්ව සිටින බවටයි වාර්තා වන්නේ.
මීට දින කිහිපයකට පමණ ඉහත දී හන්තාන රක්ෂිතයේ මෙම ගින්න හට ගෙන ඇති අතර වියළි කාලගුණය සහ සුළං තත්ත්වය හේතුවෙන් ගින්න ව්‍යාප්ත වීම වැඩි වී තිබෙනවා.
රාත්‍රී කාලය වන විට ගින්න නිවා දැමුව ද යළිත් දහවල් කාලයේ ගින්න හට ගන්නා බවයි හිරු වාර්තාකරුවන් සදහන් කළේ.
ගින්න හේතුවෙන් රක්ෂිතයේ අක්කර 30කට ආසන්න භූමි ප්‍රමාණයක් දැනටමත් විනාශ වී තිබෙනවා.
කිසියම් පිරිසක් විසින් රක්ෂිතයේ කොටසකට ගිනි තැබීම සිදුකර ඇති අතර එය මේ වන විට ව්‍යාප්ත වෙමින් පවතින බවටයි පොලිස් පරීක්ෂණවලින් අනාවරණ වී ඇත්තේ.
Share This Article